Monday, July 19, 2021

Basic Softwares for Graphic Design - Introduction To Photoshop - Brush Tool

 


02. පරිගණක චිත්‍ර ශිල්පයේ මූලික මෘදුකාංග

(BASIC SOFTWARES OF GRAPHIC DESIGN)


Introduction to Photoshop – LESSON 04

මේ Photo එක ගැන විස්තරේ මම පස්සේ කියන්නම්.....







Brush Tool (B)

ඔන්න මම අද කතා කරන්නේ Photoshop වල තවත් Interesting පැත්තක් ගැන. අපි කලින් කතා කරපු පාඩම් වල කිසිම ගැටළුවක් නැතුව ඇති කියලා හිතනවා. ඔයාලට තියෙන ඕනම ගැටළුවක් කියන්න ඒ ගැටළු වලට පිළිතුරු දෙන්න එහෙමත් නැත්නම් මම දන්න ඕනම දෙයක් කියලා දෙන්න මම සූදානම්.

එහෙනම් අපි අද පාඩමට යමු. අද අපි කතා කරන්නේ Photoshop වල අපිට හම්බවෙන Bruish Tool ගැන. අපි සාමාන්‍යයෙන් Brush එකක් පාවිච්චි කරලා කරන්නේ තීන්ත ගාන එකනේ ඉතිං Photoshop වල Brush Tool එක අපි පාවිච්චි කරන්නේත් ඒ වගේ දේකට තමා. අපිට පුළුවන් එක එක හැඩයන් ඇඳෙන Brush තෝර ගන්න Option Bar එක පාවිච්චි කරලා.


ඔයාලගේ Photoshop එකේ Brush Tool එක ගත්තාම ඔයාලගේ Option Bar එක මේ විදියට වෙනස් වෙයි. මම මේ රතු පාටට කොටු කරලා තියෙන්න් අපේ Brush Presets තියෙන තැන. මෙතන පහලට තියෙන මේ පොඩි ඊතලය Click කලාම ඔයාලටDrop Down Box එකක් ලැබෙයි. මම මේ පහළින් දාලා තියෙන්නේ මගේ Photoshop වල තියෙන Brush Presets ටික. (මේක ගන්න තව ලේසි ක්‍රමයක් තියෙනවා අපිට Brush Tool  එකේ ඉන්න ගමන් අපේ Canvas එක උඩ Right Click කලාමත් Open වෙන්නේ මේ Brush Presets ටිකම තමා.



ඔයාලට පේනවා ඇති මෙතන එක එක වර්ගයේ Brush Presets තියෙනවා. මේවා එකින් එක පාවිච්චි කරලා බලන්න.







මම මේ කොටස ගැන ටිකක් පැහැදිලි කරන්නම්. මෙතන තියෙන පොඩි Box එකෙන් පුළුවන් අපිට Brush එකේ හැඩය වගේම Brush එක ඇඳෙන Angle එක වෙනස් කර ගන්න. ඊට අමතරව Size එකයි Hardness එකයි කියලා දෙකක් තියෙනවා. මෙතන Size එකෙන් අපිට පුළුවන් අපේ Brush එකේ Size එක වෙනස් කර ගන්න. 

එතකොට Hardness කියන්නේ මොකද්ද.?

Hardness එක කියන්නේ අපි Brush එකෙන් අඳිනකොට ඒක කොච්චර තදට ඇඳෙන්න ඕනද කියන එක. ඒ කියන්නේ හිතන්න අපි Brush එකකින් චිත්‍රයක් අඳිනවා කියලා. අපි අපේ අතින් Brush එකට දෙන Pressure එක අනුව අපේ Brush එකේ ඇඳෙන විදිය වෙනස් වෙනවා නේද. අන්න ඒ දේ තමයි මෙතනදිත් වෙන්නේ. එතන Hardness එක වෙනස් කරලා ඇඳලා බලන්න ඔයාලටම වෙනස පැහැදිලි වෙයි 


ඊළගට අපි බලමු මෙතන Mode කියන Tab එක. මෙතන පොඩි ඊතලය Click කලාම අපිට Dropdown Box එකක් ලැබෙනවා. එතනින් අපිට පුළුවන් අපේ Brush Mode වෙනස් කර ගන්න. මේ Brush Mode වෙනස් කරලා අපිට හොඳ Creative වැඩ ටිකක් කරන්න පුළුවන්. අපි ඉස්සරහට Photo Editing ගැන කතා කරමු. එතකොට මම මෙතන Brush Mode වලින් මොනාද ගන්න පුළුවන් වැඩ කියල කියලා දෙන්නම්. ඒ වෙනකම් මේ ටික පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න.

හරි අපි ඊළඟට කතා කරමු මෙතන Opacity කියන Option එක ගැන. ඔයාලට මතකයි අපි කලින් කතා කරා Hardness කියන Option එක ගැන. මෙතන Hardness කියන එකයි Opacity කියන Option එකයි පටලගන්න එපා ඒ දෙක දෙකක්. අපිට Opacity Option එකේදි පුළුවන් අපේ Brush එක කොයිතරම් දුරට විනිවිද පේන්න ඕනද කියන එක තීරණය කරන්න. ඔයාලා මේ Opacity Option එකත් එක්ක Brush එක පාවිච්චි කරලා බලන්න එතකොට ඔයාලට මේකෙ වෙනස තවත් පැහැදිලි වෙයි.

Brush එකකට අපිට අවශ්‍ය Colours දාන්නේ කොහොමද.?

Photoshop වලදි අපිට අවශ්‍ය Colour එක තෝර ගන්න ක්‍රම කීපයක්ම තියෙනවා. ඒවා අතරින් මම Brush එකකට ලේසියෙන්ම Colour එකක් දා ගන්න විදිහ කියලා දෙන්නම්. අපේ Tool Box එකේ පහලම තියෙනවා පුංචි පාට කොටු දෙකක්. Foreground Colour එකයි Background Colour එකයි කියලා.

අපිට Foreground Colour කියන Box එක උඩට අපේ Mouse Pointer එක ගෙනිහින් Click කලාම මේ විදියට Colour Picker එක Open වෙනවා.


එතනින් අපිට අවශ්‍ය colour එක තෝරලා Ok කියන එක Press කලාම අපිට අවශ්‍ය Colour එක Brush එකට දා ගන්න පුළුවන්. ඒ විදියට අපිට අවශ්‍ය වෙන විදියට Brush එකේ Colours මාරු කර ගන්න පුළුවන්.

ඔයාලට පොඩ්ඩක් වෙනස් විදියට හිතන්න පුළුවන් නම් මේ කියලා දුන්න Option ටිකෙන් Brush එක විතරක් පාවිච්චි කරලා ලොකු වැඩක් කරන්න පුළුවන්. ඔයාලට මතක ඇති මම මුලින්ම Photo එකක් Add කරලා තිබ්බා. ඒක සම්පූර්ණයෙන්ම ඇඳලා තියෙන්නේ Brush එක විතරක් පාවිච්චි කරලා. Brush එකේ තියෙන Brush Presets පාවිච්චි කරලා තමයි එක එක හැඩයන් ඇඳගෙන තියෙන්නේ. ඔයාලත් Try කරලා බලන්න.



Pencil Tool (B)

බැලු බැල්මට මේ Tool දෙකම එකයි වගේ පෙනුනට මේ දෙකේ වෙනසක් තියෙනවා. අපිට Brush Tool එක උපයෝගී කරගෙන අපිට අවශ්‍ය Lines වගේ දේවල් හරි Smooth විදියට අඳින්න පුළුවන්. ඒත් Pencil Tool එකේ ඒ වගේ නෙමෙයි Pencil Tool එකෙන් අඳින Lines වල Edges හරිම Rough විදියට තමයි ඇදෙන්නේ. මේ පහල තියෙන Image එක බලන්න ඔයාලට වෙනස පැහැදිලි වෙයි. 

මේ රූප දෙකම එකම Preset එක සහ එකම Size එක යොදාගෙන තමයි ඇඳලා තියෙන්නේ. බැලු බැල්මට මේ දෙක අතර වෙනසක් නෑ වගේ පේනවා නේද. ඒත් හොඳින් බැලුවොත් ඔයාලට පැහැදිලි වෙයි Brush Tool එක පාවිච්චි කරනකොටයි Pencil Tool එක පාවිච්චි කරනකොටයි ඒ දෙකට අනුව Option Bar එක පවා වෙනස් වෙනවා.

ඊට අමතරව මේ පහල තියෙන රූපය බලන්න. මේ උඩ තියෙන Image එකේම Zoom කරපු Image එකක් තමයි පහල තියෙන්නනේ.


මේ Image එක බැලුවාම ඔයාලට පැහැදිලි ඇති Brush Tool එකෙන් ඇඳපු එකේ Edge එක හොඳ Smooth එකට තියෙනවා. ඒත් Pencil Tool එකෙන් ඇඳපු එකේ Edge එක ගොඩක් Rough.

තවත් දෙයක්, මේ Tool දෙකට අනුව අපිට ලැබෙන Preset Panel එකේ තියෙන Option පවා වෙනස්.



Color Replacement Tool (B)

මේ Tool එක Photoshop වලට අළුතින් Add වුන Tool එකක්. අපි Photo Editing වලට යද්දි Photo වල Colour Changing කරනවා. අන්න ඒ දේ ලේසියෙන්ම මේ Tool එකෙන් කර ගන්න පුළුවන්. අපි Photo Editing වලදි Hue, Saturation වගේ දේවල් වෙනස් කරලා Photo එකක Colours වෙනස් කරනවා (මම ඒ දේවල් ඉස්සරහට කියලා දෙනවා) හැබැයි ඒකට අපි කරන්නේ Photo එකේ අවශ්‍ය කොටස් Select කරලා. ඒ එකින් එකට Colour change කරන එක. ඒත් මේ Tool එක පාවිච්චි කරලා ඒ දේ අපිට ලේසියෙන්ම කර ගන්න පුළුවන්. මේ ගැන තවත් ටිකක් පැහැදිලිව දැන ගන්න ඕන නම් මේ Link How To Use Colour Replacement Tool එකේ වීඩියෝ එක බලන්න.


Mixer Brush Tool (B)

මම හිතනවා ඔයාලට දැන් Brush Tool එක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති. අපි දැන් කතා කරමු Mixer Brush Tool එක ගැන. ඔයාලා දැකලා ඇති Painting  (චිත්‍ර) අදිනකොට Colours දෙක තුනක් Mix කරලා Painting කරනවා. ඒ වගේ දෙයක් Photoshop වලදි කරන්න ඔයාලා Try කරලා බැලුවද...?

ඒ වගේ Colours Mix කරලා Brush කර ගන්න තමා Mixer Brush Tool එක තියෙන්නේ. මම හිතනවා ඔයාලට Mixer Brush Tool එක ගැන Idea එකක් එන්න ඇති. ඇත්තටම අපිට පුළුවන් අපේ Colours දෙකක් Mix කරලා Painting එකක් කර ගන්න. එහෙමත් නැත්නම් Alt Key එකත් එක්ක Click කරලා Colours Mix වෙලා තියෙන තැනකින් Brush එකක් හදා ගන්න. මේ ගැන තවත් පැහැදිලි කර ගන්න ඕන නම් මේ Video එක බලන්න. How To Use Mixer Brush Tool




මෙම පාඩමේදී Brush Tool ගැන හොද අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. මෙහිදී ඔබට යම් කිසි ගැටළුවක් පැණ නගින්නේ නම් පහත Comment තීරුව තුල ඔබගේ ප්‍රශ්ණය යොමු කරන්න එම සියළුම ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නම්. 

මේ වගේ තවත් වැදගත් ගොඩක් දේවල් ගැන දැන ගන්න

Digital Iskoole එක්ක දිගටම එකතු වෙලා ඉන්න.




No comments:

Post a Comment

1600+ FREE FONT PACK

  ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි කොහොමද FONTS හොයා ගන්නේ කියන එක. පසුගිය දිනවල සමූහයන් කිහිපයකම මේ ප්‍රශ්ණය දැකගන්න පුළුවන් උනා. ඒ නිසා ඩිජ...