Sunday, January 3, 2021

Basics Of Graphic Design - Introduction

 


ඔබටත් දක්‍ෂ ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු වීමට අවශ්‍යද..?

එසේනම් ඔබ මේ තෝරාගෙන තිබෙන්නේ ඔබට වඩාත්ම ගැලපෙන ග්‍රැෆික් පාඩම් මාලාවයි. ග්‍රැෆික් නිර්මාණ කලාවේදී ඒ පිළිබද ඇති මූලික දැනුම ඉතාම වැදගත්. මෙම පාඩම් මාලාවේදී අපි කතා කරන්නේ


  • ඔබට නිර්මාණයක් කිරීම සදහා අවශ්‍ය මූලිකම දැනුම
  • ඔබ විසින් සිදු කරන ග්‍රැෆික් නිර්මාණයට වඩාත් ගැලපෙන මෘදුකාංගය
  • ග්‍රැෆික් කලාවේ රහස්
  • නිර්මාණයකට වර්ණ යොදා ගන්නා ආකාරය
  • පාරිභෝගික තෘප්තිය සහ
  • 2008 වසරේ සිට මා විසින් ග්‍රැෆික් නිර්මාණ කරනය පිළිබද ලබා ගත් දැනුම

පිළිබද සාකච්ඡා කිරීමයි.

මෙම පාඩම් මාලාව අවසානයේදී ඔබට තනිවම ග්‍රැෆික් මෘදුකාංගයක් හසුරවා ගැනීමට සහ ඔබේම අද්විතීය නිර්මාණයන් බිහි කිරීමට ඔබට හැකි වන බව නිසැකයි. හොදයි එහෙනම් අපි බින්දුවේ ඉදලම පටන් ගමු.


මොකද්ද ග්‍රැෆික් ඩිසයින් එකක් කියන්නේ


01. පරිගණක චිත්‍ර ශිල්පයේ මූලිකාංග

BASICS OF GRAPHIC DESIGN


  • ද්විමාන හා ත්‍රිමාණ රූප අතර ඇති වෙනස (Difference between 2D and 3D)

මෙම පාඩම් මාලාවේ අපි මුලින්ම කතා කරන්නේ ද්විමාන හා ත්‍රිමාණ රූප අතර ඇති වෙනස ගැන. ග්‍රැෆික් නිර්මාණ කලාවේදී මෙම මූලික දැනුම ඇත්ත වශයෙන්ම නිර්මාණකරනය පිළිබද ඔබට මනා අවබෝදයක් ලබා දේවි.


මොනාද මේ ද්විමාන රූප කියන්නේ...? 

ද්විමාන රූපයක් එහෙමත් නැත්නම් 2D Image  එකක් හැදිලා තියෙන්නේ X සහ Y යන තිරස් හා සිරස් අක්ෂ දෙකින් පමණි. එනම් ඊට ඇත්තේ මානයන් දෙකක් පමණි. ද්විමාන රූපයක් පැත්තකට හරවා බැලුවොත් එය පෙනෙන්නේ සරළ රේඛාවක් ලෙසයි. ඔබේ ලග තියන ඡායාරූපයක් සිහියට ගන්න, ඇත්තටම ඒක ද්විමාන රූපයකට හොදම උදාහරණයක්.

නමුත් ත්‍රිමාණ රූපයක් ඊට හාත්පසින්ම වෙනස්. ත්‍රිමාණ රූපයකට එහෙමත් නැත්නම් 3D Image එකකට X සහ Y අක්ෂ දෙකට අමතරව Z අක්ෂයකුත් තියනවා. (මෙම පාඩම් මාලාවේ ඉදිරියට යන විට ඔබට මෙම X,Y,Z අක්ෂ ගැන හොද දැනුමක් ලැබේවි) මෙම Z අක්ෂය මගින් රූපයකට භ්‍රමණය හා ගැඹුර පෙන්වීම සදහා ඉඩ සලසා දෙනු ලබනවා. උදාහරණයක් ලෙස ඔබ නිවසේ ඇති මූර්තියක් සිහියට ගන්න. මූර්තියක හඩතල, ගැඹුර, ඉහලට එසවී ඇති තැන් හොදින් පේනවා නේද....?

සරළවම කිව්වොත් මේක තමා 2D Image එකකයි 3D Image එකකයි තියන වෙනස. දැන් ඔබට ද්විමාන (2D) සහ ත්‍රිමාණ (3D) වල වෙනස පිළිබද දල අදහසක් එන්න ඇති. පහත රූප සටහනෙන් ඒ පිළිබදව තවත් පැහැදිලි වේවි.



  • ග්‍රැෆික් නිර්මාණයේ මූලද්‍රව්‍ය (The Elements of Graphic Design)

අපි ඊලගට කතා කරන්නේ අපිට ග්‍රැෆික් නිර්මාණයක් කරන විට අවශ්‍ය වල මූලිකම දේවල් පිළිබදව. අපිට ගෙයක් හදනකොට ගල්, වැලි, සිමෙන්ති වගේ දේවල් අවශ්‍යයි වගේම, ග්‍රැෆික් කලාවටත් අවශ්‍ය මූලද්‍රව්‍ය තියනවා.

ඒවා නම්

  1. හැඩතල
  2. රේඛා
  3. වර්ණ
  4. වචන
  5. චිත්‍ර, නිදර්ශණ සහ ඡායාරූප


  • හැඩතල

නිර්මාණකරනයේදී වැදගත්ම දෙයක් තමයි හැඩතල කියන්නේ. මීට දශක ගණනාවකට පෙර භාවිතා කරන ලද රූප සටහන් වල සිට අද නූතන ලෝකයේ භාවිතා වන ලාංඡන දක්වාම විවිධ හැඩතල දැක ගන්න පුළුවන්. අද වන විට අප භාවිතා කරන ග්‍රැෆික් මෘදුකාංග මගින් අපට මෙම හැඩතල නිර්මාණය සහ හැසිරවීම වඩාත් පහසු කරල තියනවා.

Adobe Illustrator, CorelDraw වැනි මෘදුකාංග මේ සදහා වඩාත් ප්‍රචලිතයි. ග්‍රැෆික් ශිල්පියාට තම සිතැගි පරිදි මෙම හැඩතල සමග ක්‍රියා කල හැකි අන්දමට අද වන විට මෙම මෘදුකාංග වලින් පහසුකම් සපයල තියනවා. මේවායෙහි වර්ණය, හැඩය, දිශාව සහ අනෙකුත් ලක්‍ෂණ පහසුවෙන් වෙනස් කිරීමට හැකිවීම දක්‍ෂ නිර්මාණකරුවන් බිහි වීමට බෙහෙවින්ම බලපානවා. නිර්මාණකරනයේදී අප භාවිතා කරන මූලික හැඩතල වලට උදාහරණ පහතින්.


අද වනවිට මෙම ග්‍රැෆික් නිර්මාණ සදහා යොදා ගන්න මෘදුකාංග සියල්ලම වගේ නිපදවල තියෙන්නේ නිර්මාණ කරුවාගේ පහසුව ගැන හිතලා. Mouse එක හෝ Drawing pad එක පාවිච්චි කරල මේ වගේ හැඩතලයක් පහසුවෙන්ම නිර්මාණය කර ගන්න දැන් පුළුවන්. Adobe Illustrator, CorelDraw වැනි මෘදුකාංග වලින් අපි මේ නිර්මාණය කර ගත්ත සරල හැඩතලයක රේඛා, වක්‍ර විදිහට සකස් කිරීමෙන් සම්මත හැඩතල වලට වඩා වෙනස් විශාල හැඩතල ප්‍රමාණයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙලා තියනවා. සරළවම කිව්වොත් අපිට ඕන හැඩය ඒ විදියටම හදා ගන්න දැන් පුළුවන්.



  • රේඛා

ඊළගට අපි කතා කරන වැදගත්ම දේ තමයි රේඛා. පරණ කාලයේ බොහෝ විට රේඛා යොදා ගත්තේ නිර්මාණයක අවකාශයන් වැනි දේවල් බෙදා වෙන් කිරීමට. ගොඩක් වෙලාවට සඟරා, පුවත්පත්, වෙබ් අඩවි වැනි දේ වල අන්තර්ගතයන් වෙන් කිරීම වගේ කටයුතු වලට තමා මේ රේඛා යොදාගත්තේ. ඒත් දැන් ඒක ඊට වඩා ගොඩක් වෙනස්, වක්‍ර රේඛා, සිග් සැග් රේඛා , තිත් රේඛා වගේ දේවල් පහසුවෙන්ම නිර්මාණය කරන්න පුළුවන් නිසා නිර්මාණයකට මේ රේඛා වලින් ලොකු වෙනසක් කරන්න පුළුවන්.



  • වර්ණ

වර්ණ එහෙමත් නැත්නම් පාට, ග්‍රැෆික් නිර්මාණ කලාවේ වැදගත්ම දෙයක් තමයි පාට කියන්නේ. ග්‍රැෆික් නිර්මාණයක් හොදින් කැපිල පේන්න හරි වෙබ් පිටුවක නම් ඒ ඒ අදාල දේවල් පෙල ගස්සවන්න හරි පාට ගොඩක් වැදගත් වෙනවා. සරළවම කිව්වොත් පාට වලට පුළුවන් කතා කරන්න. පාට වලට පුළුවන් තව කෙනෙක්ගේ හැඟීම් අවුස්සවන්න. දැනට පාට ගැන දල අදහසක් ගන්න මේ රූපය ඔළුවේ තියාගන්න. මේ පාඩම් මාලාවේ ඉස්සරහට අපි මේ ගැන ගැඹුරින් කතා කරමු.



  • වචන

වචන එහෙමත් නැත්නම් අකුරු,


ඇත්තටම ග්‍රැෆික් කියන්නේ නිකම් පාටවල් ටිකක් මැද අකුරු ටිකක් දාන එකද....?  නෑ.... අකුරු තියෙන්නේ ඒවායේ හැඩ සහ ප්‍රමාණයන් තේරුම් අරන් යම් කිසි පණිවිඩයක් දෙන්න. ඒක තමා සන්නිවේදනය කියන්නේ. අපි යොදා ගන්න අකුරු වල විවිධ හැඩතල තියනවා. අපි යොදා ගන්න අකුරු වල හැඩය, ප්‍රමාණය, වර්ගය වගේ දෙවල් වලින් අපි පාරිභෝගිකයාට දෙන පණිවිඩය, පාරිභෝගිකයා තේරුම් ගන්න විදිය වෙනස් වෙනවා. 





මේ පහළ තියන රූපය ටිකක් හොදින් බලන්න


ග්‍රැෆික් නිර්මාණයකදී අකුරු එහෙම නැත්නම් වචන වලින් කරන්න පුළුවන් දේ ගැන දළ අදහසක් මේ රූපයෙන් ලැබෙන්න ඇති නේද.



  • චිත්‍ර, නිදර්ශණ සහ ඡායාරූප (Art, Illustration & Photography)

ප්‍රබල රූපයකට නිර්මාණයක් විනාශ කිරීමට හෝ කැපී පෙන්වීමට පුළුවන්. කතන්දර කියන්න, අදහස් දක්වන්න, පාරිභෝගිකයාගේ අවධානය දිනා ගන්න වගේ දෙයක් ඡායාරූපයකට, නිදර්ශනයකට හෝ චිත්‍රයකට කරන්න පුළුවන්. ඒක නිසා මේ වගේ දෙයක් තෝරා ගද්දි ඒ දේ හරියටම කරන්න ඕන. දක්ෂ ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකුට මෙම තෝරා ගැනීම හරියටම කරන්න පුළුවන් වෙන්න ඕන. හොද චිත්‍රයක් හෝ ඡායාරූපයක් තෝරා ගැනීම චිත්‍ර ශිල්පියෙක් හෝ ඡායාරූප ශිල්පියෙක් ලවා කර ගන්න පුළුවන් එහෙමත් නැත්නම් සල්ලි ගෙවලා අවශ්‍ය රූපය වෙබ් පිටුවක් හරහා මිලදී ගන්නත් පුළුවන්.


ග්‍රැෆික් ඩිසයින් වලදි අපි මේ කතා කරපු මූලික දේවල් ගැන දල අදහසක් ඔළුවට ගන්න. මේ දේවල් ගැන අපි ඉදිරියේදී ගැඹුරින් කතා කරමු.



PDF File එක Download කර ගන්න මේ Link එක

Basics Of Graphic Design - Introduction

Click කරන්න


No comments:

Post a Comment

1600+ FREE FONT PACK

  ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි කොහොමද FONTS හොයා ගන්නේ කියන එක. පසුගිය දිනවල සමූහයන් කිහිපයකම මේ ප්‍රශ්ණය දැකගන්න පුළුවන් උනා. ඒ නිසා ඩිජ...