02. පරිගණක චිත්‍ර ශිල්පයේ මූලික මෘදුකාංග
(BASIC SOFTWARES OF GRAPHIC DESIGN)
· Introduction to Photoshop
Crop Tool (C)
Crop Tool එකෙන් වෙන්නේ අපිට Image එකක හරි Photoshop Document එකක හරි අවශ්‍ය කොටසක් කපලා ඉතිරි ටික අයින් කර ගන්න එක. අපි Image එකක් Open කරලා Crop tool එක Select කරපු ගමන් අපේ Image එක වටේට Margin එකක් පෙන්නවා. අපිට පුළුවන් ඒ Edge වලින් Drag කරගෙන ඇවිල්ලා අපිට අවශ්‍ය කොටස Select කර ගන්න එහෙමත් නැත්නම් අපිට අවශ්‍ය කොටස අහුවෙන විදියට Click කරලා Drag කරගෙන ගියාම ඒ Margin එක වටේට Selection එකක් වැටෙනවා. එතනදි ඒ Edges වලින් අල්ලලා අපිට අපේ Selection එක Resize කර ගන්න හරි Rotate කර ගන්න හරි පුළුවන්.
අපි දැන් බලමු Crop Tool එකේ Option Bar එක ගැන. ඔයාලට පේනවා ඇති මේකේ මුලින්ම තියෙනවා Ratio කියලා පොඩි Box එකක්. ඒකේ අයිනේ තියෙන පොඩි ඊතලය Click කලාම ඔයාලටDropdown Box එකක් ලැබෙයි. එතන තියෙනවා Crop Size Presets ටිකක්. ගොඩක් වෙලාවට මෙතන Option Bar එකෙන් හොදටම වැඩ ගන්නේ Studio වල වගේ Photo Editing කරන අය. ඔයාල දන්නවා ඇති 4R කියන Photo Size එක. ඒ කියන්නේ අඟල් 6 යි අඟල් 4 Photo Size එකක්. ඒ වගේ Image එකක් ලේසියෙන්ම Crop කර ගන්න පුළුවන් Ratio කියන Box එකට දකුණු පැත්තෙන් තියෙන පොඩි Box දෙකට ඒ Size එක Apply කරලා. මෙතන පළවෙනි කොටුව ඇතුලේ අපිට දාන්න පුළුවන් width එක (පළල) එතකොට දෙවෙනි කොටුවෙ අපිට දාන්න පුළුවන් Height එක (උස). ඒ අතර මැද තියෙන පොඩි ඊතල දෙක උඩ Click කරලා අපිට පුළුවන් අපේ Width එකයි Height එකයි මාරු කර ගන්න. එහෙම Crop කරලා අපිට 6x4 Ratio එකට ගැලපෙන විදියට Photo එකක් Crop කර ගන්න පුළුවන්. මේ පහල රූපය බැලුවොත් ඒ දේ තවත් පැහැදිලි වෙයි.
Perspective Crop Tool (C)
Perspective Crop Tool එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ Image එකක Angle එකකට තියෙන කොටසක් හරි කෙලින් තියෙන Image එකක් විදියට Transform කර ගන්න. අපිට Select කරන්න ඕන Image එකේ කොන් 4න් Select කරලා Enter කලාම අපිට අවශ්‍ය විදියට Image එක Crop කර ගන්න පුළුවන්.
Slice Tool (C)
Slice Tool එකයි Slice Select Tool එකයි ගැන මම ඉදිරියේදී වෙනම විස්තර කරන්නම්.
Spot Healing Brush Tool (J)
අපි දැන් කතා කරන්න යන්නේ Photoshop වල Interesting පැත්තක් ගැන. අපි දන්නවා අපි හැමෝම කැමතියි Photo Editing වලට. හොදයි අපි මුලින්ම කතා කරමු Spot Healing Brush Tool එක ගැන. අපි මේ Tool එක පාවිච්චි කරන්නේ Photo වල තියෙන පොඩි පොඩි Patches අයින් කරගන්න එහෙමත් නැත්නම් පොඩි පොඩි Spot අයින් කර ගන්න.
මේ Tool එක අරගෙන අපිට අයින් කරන්න ඕන Spot එක උඩ Click කලාම ඒ ලගින්ම තියෙනPixel අරගෙන ඒ Spot එක මකලා දානවා. මේ Tool එක පාවිච්චි කරන විදිය හොදටම පැහැදිලි වෙයි මේ වීඩියෝ එක බැලුවාම. How to use Spot Healing Brush Tool
Healing Brush Tool (J)
Healing Brush Tool එක Spot Healing Brush Tool එකට වඩා පොඩ්ඩක් වෙනස්. මේ Tool එකෙනුත් අපි කරන්නේ Photo වල තියෙන පොඩි පොඩි Patches අයින් කරගන්න එහෙමත් නැත්නම් පොඩි පොඩි Spot අයින් කර ගන්න එක. ඒත් මෙතනදි අපි මුලින්ම මෙයාට අපිට අවශ්‍ය Spot එකක් තෝරලා දෙන්න ඕන. ඒ කියන්නේ Alt Key එක Press කරලා අපේ Image එකේ Spots නැති හොඳ තැනක්ක Select කරලා දෙන්න ඕන. මේ Tool එක පාවිච්චි කරනකොට එයාලට මේක තවත් පැහැදිලි වෙයි.
Patch Tool (J)
Patch Tool එක අපි පාවිච්චි කරන්නේත් අපි කලින් කතා කරපු වැඩේටම තමයි. හැබැයි patch Tool එකේදි අපිට අනිත් Tool දෙකේදි වගේ නිකං Click කරන්න විතරක් බෑ. Patch Tool එකේදි කරන්න ඕන අපිට අයින් කරන්න ඕන Spot එක තියෙන Area එක Select කරලා Photo එකේ හොද පැහැදිලි තැනකට Drag කරලා ගිහින් දාන්න ඕන. මේ Tool එක පාවිච්චි කරන විදිය පැහැදිලිව දැනගන්න How to use Patch Tool in Photoshop මේ වීඩියෝ එක බැලුවාම
Content-Aware Move Tool (J)
Content-Aware Move Tool එක පොඩ්ඩක් වෙනස්. අපිට මේ Tool එකෙන් කරන්න පුළුවන් වෙන්නේ එක තැනක තියෙන Content එකක් තවත් තැනකට ගෙනියන එක විතරයි. හැබැයි හොඳට මතක තියාගන්න මෙතනදි වෙන්නේ Copy එකක් Add වෙන එක නෙමෙයි. මේ Video එක බලන්න එතකොට මේ ගැන තව ටිකක් පැහැදිලි වෙයි. how to use Content-Aware Move Tool in Photoshop
Red Eye Tool (J)
ඔයාලා දැකලා ඇති අපේ සමහර Photos වල තියෙනවා ඇස් වල පොඩි රතු පාට රවුම් බෝලයක් වගේ Shadow එකක් වැටිලා තියෙනවා. අපිට photoshop වල මේකට වෙනම Tool එකක් දීලා තියෙනවා. අපිට කරන්න තියෙන්නේ අපේ Photo එකේ තියෙන Red Eye එක තියෙන තැන පොඩියට මේ Tool එකෙන් රවුමක් අඳින එක විතරයි. How to use Red Eye Tool in Photoshop
මෙම පාඩමේදී Editing Tools ගැන හොද අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. මෙහිදී ඔබට යම් කිසි ගැටළුවක් පැණ නගින්නේ නම් පහත Comment තීරුව තුල ඔබගේ ප්‍රශ්ණය යොමු කරන්න එම සියළුම ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නම්.
මේ වගේ තවත් වැදගත් ගොඩක් දේවල් ගැන දැන ගන්න Digital Iskoole එක්ක දිගටම එකතු වෙලා ඉන්න.
PDF File එක Download කර ගන්න මේ Link එක
No comments:
Post a Comment