Friday, July 23, 2021

1600+ FREE FONT PACK

 


ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි කොහොමද FONTS හොයා ගන්නේ කියන එක. පසුගිය දිනවල සමූහයන් කිහිපයකම මේ ප්‍රශ්ණය දැකගන්න පුළුවන් උනා. ඒ නිසා ඩිජිටල් ඉස්කෝලේ සමග එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටමත්, දැනට මුද්‍රණ ක්ෂේත්‍රෙය් කටයුතු කරන හැමෝටමත්, ග්‍රැෆික් ක්ෂේත්‍රයට අළුතින් එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටමත් 1600කට අධික FONT පැක් එකක් දෙන්න තීරණය කලා.


පහත තියෙන Link එකෙන් Download කර ගන්න.

1600+ FONT PACK





Monday, July 19, 2021

Basic Softwares for Graphic Design - Introduction To Photoshop - Brush Tool

 


02. පරිගණක චිත්‍ර ශිල්පයේ මූලික මෘදුකාංග

(BASIC SOFTWARES OF GRAPHIC DESIGN)


Introduction to Photoshop – LESSON 04

මේ Photo එක ගැන විස්තරේ මම පස්සේ කියන්නම්.....







Brush Tool (B)

ඔන්න මම අද කතා කරන්නේ Photoshop වල තවත් Interesting පැත්තක් ගැන. අපි කලින් කතා කරපු පාඩම් වල කිසිම ගැටළුවක් නැතුව ඇති කියලා හිතනවා. ඔයාලට තියෙන ඕනම ගැටළුවක් කියන්න ඒ ගැටළු වලට පිළිතුරු දෙන්න එහෙමත් නැත්නම් මම දන්න ඕනම දෙයක් කියලා දෙන්න මම සූදානම්.

එහෙනම් අපි අද පාඩමට යමු. අද අපි කතා කරන්නේ Photoshop වල අපිට හම්බවෙන Bruish Tool ගැන. අපි සාමාන්‍යයෙන් Brush එකක් පාවිච්චි කරලා කරන්නේ තීන්ත ගාන එකනේ ඉතිං Photoshop වල Brush Tool එක අපි පාවිච්චි කරන්නේත් ඒ වගේ දේකට තමා. අපිට පුළුවන් එක එක හැඩයන් ඇඳෙන Brush තෝර ගන්න Option Bar එක පාවිච්චි කරලා.


ඔයාලගේ Photoshop එකේ Brush Tool එක ගත්තාම ඔයාලගේ Option Bar එක මේ විදියට වෙනස් වෙයි. මම මේ රතු පාටට කොටු කරලා තියෙන්න් අපේ Brush Presets තියෙන තැන. මෙතන පහලට තියෙන මේ පොඩි ඊතලය Click කලාම ඔයාලටDrop Down Box එකක් ලැබෙයි. මම මේ පහළින් දාලා තියෙන්නේ මගේ Photoshop වල තියෙන Brush Presets ටික. (මේක ගන්න තව ලේසි ක්‍රමයක් තියෙනවා අපිට Brush Tool  එකේ ඉන්න ගමන් අපේ Canvas එක උඩ Right Click කලාමත් Open වෙන්නේ මේ Brush Presets ටිකම තමා.



ඔයාලට පේනවා ඇති මෙතන එක එක වර්ගයේ Brush Presets තියෙනවා. මේවා එකින් එක පාවිච්චි කරලා බලන්න.







මම මේ කොටස ගැන ටිකක් පැහැදිලි කරන්නම්. මෙතන තියෙන පොඩි Box එකෙන් පුළුවන් අපිට Brush එකේ හැඩය වගේම Brush එක ඇඳෙන Angle එක වෙනස් කර ගන්න. ඊට අමතරව Size එකයි Hardness එකයි කියලා දෙකක් තියෙනවා. මෙතන Size එකෙන් අපිට පුළුවන් අපේ Brush එකේ Size එක වෙනස් කර ගන්න. 

එතකොට Hardness කියන්නේ මොකද්ද.?

Hardness එක කියන්නේ අපි Brush එකෙන් අඳිනකොට ඒක කොච්චර තදට ඇඳෙන්න ඕනද කියන එක. ඒ කියන්නේ හිතන්න අපි Brush එකකින් චිත්‍රයක් අඳිනවා කියලා. අපි අපේ අතින් Brush එකට දෙන Pressure එක අනුව අපේ Brush එකේ ඇඳෙන විදිය වෙනස් වෙනවා නේද. අන්න ඒ දේ තමයි මෙතනදිත් වෙන්නේ. එතන Hardness එක වෙනස් කරලා ඇඳලා බලන්න ඔයාලටම වෙනස පැහැදිලි වෙයි 


ඊළගට අපි බලමු මෙතන Mode කියන Tab එක. මෙතන පොඩි ඊතලය Click කලාම අපිට Dropdown Box එකක් ලැබෙනවා. එතනින් අපිට පුළුවන් අපේ Brush Mode වෙනස් කර ගන්න. මේ Brush Mode වෙනස් කරලා අපිට හොඳ Creative වැඩ ටිකක් කරන්න පුළුවන්. අපි ඉස්සරහට Photo Editing ගැන කතා කරමු. එතකොට මම මෙතන Brush Mode වලින් මොනාද ගන්න පුළුවන් වැඩ කියල කියලා දෙන්නම්. ඒ වෙනකම් මේ ටික පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න.

හරි අපි ඊළඟට කතා කරමු මෙතන Opacity කියන Option එක ගැන. ඔයාලට මතකයි අපි කලින් කතා කරා Hardness කියන Option එක ගැන. මෙතන Hardness කියන එකයි Opacity කියන Option එකයි පටලගන්න එපා ඒ දෙක දෙකක්. අපිට Opacity Option එකේදි පුළුවන් අපේ Brush එක කොයිතරම් දුරට විනිවිද පේන්න ඕනද කියන එක තීරණය කරන්න. ඔයාලා මේ Opacity Option එකත් එක්ක Brush එක පාවිච්චි කරලා බලන්න එතකොට ඔයාලට මේකෙ වෙනස තවත් පැහැදිලි වෙයි.

Brush එකකට අපිට අවශ්‍ය Colours දාන්නේ කොහොමද.?

Photoshop වලදි අපිට අවශ්‍ය Colour එක තෝර ගන්න ක්‍රම කීපයක්ම තියෙනවා. ඒවා අතරින් මම Brush එකකට ලේසියෙන්ම Colour එකක් දා ගන්න විදිහ කියලා දෙන්නම්. අපේ Tool Box එකේ පහලම තියෙනවා පුංචි පාට කොටු දෙකක්. Foreground Colour එකයි Background Colour එකයි කියලා.

අපිට Foreground Colour කියන Box එක උඩට අපේ Mouse Pointer එක ගෙනිහින් Click කලාම මේ විදියට Colour Picker එක Open වෙනවා.


එතනින් අපිට අවශ්‍ය colour එක තෝරලා Ok කියන එක Press කලාම අපිට අවශ්‍ය Colour එක Brush එකට දා ගන්න පුළුවන්. ඒ විදියට අපිට අවශ්‍ය වෙන විදියට Brush එකේ Colours මාරු කර ගන්න පුළුවන්.

ඔයාලට පොඩ්ඩක් වෙනස් විදියට හිතන්න පුළුවන් නම් මේ කියලා දුන්න Option ටිකෙන් Brush එක විතරක් පාවිච්චි කරලා ලොකු වැඩක් කරන්න පුළුවන්. ඔයාලට මතක ඇති මම මුලින්ම Photo එකක් Add කරලා තිබ්බා. ඒක සම්පූර්ණයෙන්ම ඇඳලා තියෙන්නේ Brush එක විතරක් පාවිච්චි කරලා. Brush එකේ තියෙන Brush Presets පාවිච්චි කරලා තමයි එක එක හැඩයන් ඇඳගෙන තියෙන්නේ. ඔයාලත් Try කරලා බලන්න.



Pencil Tool (B)

බැලු බැල්මට මේ Tool දෙකම එකයි වගේ පෙනුනට මේ දෙකේ වෙනසක් තියෙනවා. අපිට Brush Tool එක උපයෝගී කරගෙන අපිට අවශ්‍ය Lines වගේ දේවල් හරි Smooth විදියට අඳින්න පුළුවන්. ඒත් Pencil Tool එකේ ඒ වගේ නෙමෙයි Pencil Tool එකෙන් අඳින Lines වල Edges හරිම Rough විදියට තමයි ඇදෙන්නේ. මේ පහල තියෙන Image එක බලන්න ඔයාලට වෙනස පැහැදිලි වෙයි. 

මේ රූප දෙකම එකම Preset එක සහ එකම Size එක යොදාගෙන තමයි ඇඳලා තියෙන්නේ. බැලු බැල්මට මේ දෙක අතර වෙනසක් නෑ වගේ පේනවා නේද. ඒත් හොඳින් බැලුවොත් ඔයාලට පැහැදිලි වෙයි Brush Tool එක පාවිච්චි කරනකොටයි Pencil Tool එක පාවිච්චි කරනකොටයි ඒ දෙකට අනුව Option Bar එක පවා වෙනස් වෙනවා.

ඊට අමතරව මේ පහල තියෙන රූපය බලන්න. මේ උඩ තියෙන Image එකේම Zoom කරපු Image එකක් තමයි පහල තියෙන්නනේ.


මේ Image එක බැලුවාම ඔයාලට පැහැදිලි ඇති Brush Tool එකෙන් ඇඳපු එකේ Edge එක හොඳ Smooth එකට තියෙනවා. ඒත් Pencil Tool එකෙන් ඇඳපු එකේ Edge එක ගොඩක් Rough.

තවත් දෙයක්, මේ Tool දෙකට අනුව අපිට ලැබෙන Preset Panel එකේ තියෙන Option පවා වෙනස්.



Color Replacement Tool (B)

මේ Tool එක Photoshop වලට අළුතින් Add වුන Tool එකක්. අපි Photo Editing වලට යද්දි Photo වල Colour Changing කරනවා. අන්න ඒ දේ ලේසියෙන්ම මේ Tool එකෙන් කර ගන්න පුළුවන්. අපි Photo Editing වලදි Hue, Saturation වගේ දේවල් වෙනස් කරලා Photo එකක Colours වෙනස් කරනවා (මම ඒ දේවල් ඉස්සරහට කියලා දෙනවා) හැබැයි ඒකට අපි කරන්නේ Photo එකේ අවශ්‍ය කොටස් Select කරලා. ඒ එකින් එකට Colour change කරන එක. ඒත් මේ Tool එක පාවිච්චි කරලා ඒ දේ අපිට ලේසියෙන්ම කර ගන්න පුළුවන්. මේ ගැන තවත් ටිකක් පැහැදිලිව දැන ගන්න ඕන නම් මේ Link How To Use Colour Replacement Tool එකේ වීඩියෝ එක බලන්න.


Mixer Brush Tool (B)

මම හිතනවා ඔයාලට දැන් Brush Tool එක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති. අපි දැන් කතා කරමු Mixer Brush Tool එක ගැන. ඔයාලා දැකලා ඇති Painting  (චිත්‍ර) අදිනකොට Colours දෙක තුනක් Mix කරලා Painting කරනවා. ඒ වගේ දෙයක් Photoshop වලදි කරන්න ඔයාලා Try කරලා බැලුවද...?

ඒ වගේ Colours Mix කරලා Brush කර ගන්න තමා Mixer Brush Tool එක තියෙන්නේ. මම හිතනවා ඔයාලට Mixer Brush Tool එක ගැන Idea එකක් එන්න ඇති. ඇත්තටම අපිට පුළුවන් අපේ Colours දෙකක් Mix කරලා Painting එකක් කර ගන්න. එහෙමත් නැත්නම් Alt Key එකත් එක්ක Click කරලා Colours Mix වෙලා තියෙන තැනකින් Brush එකක් හදා ගන්න. මේ ගැන තවත් පැහැදිලි කර ගන්න ඕන නම් මේ Video එක බලන්න. How To Use Mixer Brush Tool




මෙම පාඩමේදී Brush Tool ගැන හොද අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. මෙහිදී ඔබට යම් කිසි ගැටළුවක් පැණ නගින්නේ නම් පහත Comment තීරුව තුල ඔබගේ ප්‍රශ්ණය යොමු කරන්න එම සියළුම ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නම්. 

මේ වගේ තවත් වැදගත් ගොඩක් දේවල් ගැන දැන ගන්න

Digital Iskoole එක්ක දිගටම එකතු වෙලා ඉන්න.




Thursday, July 1, 2021

Basic Softwares for Graphic Design - Introduction To Photoshop - Tool Palette

02. පරිගණක චිත්‍ර ශිල්පයේ මූලික මෘදුකාංග

(BASIC SOFTWARES OF GRAPHIC DESIGN)


·    Introduction to Photoshop







Crop Tool (C)

Crop Tool එකෙන් වෙන්නේ අපිට Image එකක හරි Photoshop Document  එකක හරි අවශ්‍ය කොටසක් කපලා ඉතිරි ටික අයින් කර ගන්න එක. අපි Image එකක් Open කරලා Crop tool  එක Select කරපු ගමන් අපේ Image එක වටේට Margin එකක් පෙන්නවා. අපිට පුළුවන් ඒ Edge වලින් Drag කරගෙන ඇවිල්ලා අපිට අවශ්‍ය කොටස Select කර ගන්න එහෙමත් නැත්නම් අපිට අවශ්‍ය කොටස අහුවෙන විදියට Click කරලා Drag කරගෙන ගියාම ඒ Margin එක වටේට Selection එකක් වැටෙනවා. එතනදි ඒ Edges වලින් අල්ලලා අපිට අපේ Selection එක Resize කර ගන්න හරි Rotate කර ගන්න හරි පුළුවන්. 


අපි දැන් බලමු Crop Tool එකේ Option Bar එක ගැන. ඔයාලට පේනවා ඇති මේකේ මුලින්ම තියෙනවා Ratio කියලා පොඩි Box එකක්. ඒකේ අයිනේ තියෙන පොඩි ඊතලය Click කලාම ඔයාලටDropdown Box එකක් ලැබෙයි. එතන තියෙනවා Crop Size Presets ටිකක්. ගොඩක් වෙලාවට මෙතන Option Bar එකෙන් හොදටම වැඩ ගන්නේ Studio වල වගේ Photo Editing කරන අය. ඔයාල දන්නවා ඇති 4R කියන Photo Size එක. ඒ කියන්නේ අඟල් 6 යි අඟල් 4 Photo Size එකක්. ඒ වගේ Image එකක් ලේසියෙන්ම Crop කර ගන්න පුළුවන් Ratio කියන Box එකට දකුණු පැත්තෙන් තියෙන පොඩි Box දෙකට ඒ Size එක Apply කරලා. මෙතන පළවෙනි කොටුව ඇතුලේ අපිට දාන්න පුළුවන් width එක (පළල) එතකොට දෙවෙනි කොටුවෙ අපිට දාන්න පුළුවන් Height එක (උස). ඒ අතර මැද තියෙන පොඩි ඊතල දෙක උඩ Click කරලා අපිට පුළුවන් අපේ Width එකයි Height එකයි මාරු කර ගන්න.  එහෙම Crop කරලා අපිට 6x4 Ratio  එකට ගැලපෙන විදියට Photo එකක් Crop කර ගන්න පුළුවන්. මේ පහල රූපය බැලුවොත් ඒ දේ තවත් පැහැදිලි වෙයි.


එහෙම ඒ කොටු දෙකට දාගන්න අගයන් අපිට අවශ්‍ය නැත්නම් එතන තියන 
Clear Button  එක Click  කලාම ඒක අයින් වෙලා යනවා. ඊට පස්සේ අපිට පුළුවන් Manual විදියට Crop Selection එක දාගන්න.

Perspective Crop Tool (C)

Perspective Crop Tool එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ Image එකක Angle එකකට තියෙන කොටසක් හරි කෙලින් තියෙන Image එකක් විදියට Transform කර ගන්න. අපිට Select කරන්න ඕන Image එකේ කොන් 4න් Select කරලා Enter කලාම අපිට අවශ්‍ය විදියට Image එක Crop කර ගන්න පුළුවන්.

අවශ්‍ය Image එකේ කොන් 4න් Select කරලා Enter Press කරන්න


Slice Tool (C)

Slice Tool එකයි Slice Select Tool එකයි ගැන මම ඉදිරියේදී වෙනම විස්තර කරන්නම්.








Spot Healing Brush Tool (J)

අපි දැන් කතා කරන්න යන්නේ Photoshop වල Interesting පැත්තක් ගැන. අපි දන්නවා අපි හැමෝම කැමතියි Photo Editing  වලට. හොදයි අපි මුලින්ම කතා කරමු Spot Healing Brush Tool එක ගැන. අපි මේ Tool එක පාවිච්චි කරන්නේ Photo වල තියෙන පොඩි පොඩි Patches අයින් කරගන්න එහෙමත් නැත්නම් පොඩි පොඩි Spot අයින් කර ගන්න.

මේ Tool එක අරගෙන අපිට අයින් කරන්න ඕන Spot එක උඩ Click කලාම ඒ ලගින්ම තියෙනPixel අරගෙන ඒ Spot එක මකලා දානවා. මේ Tool එක පාවිච්චි කරන විදිය හොදටම පැහැදිලි වෙයි මේ වීඩියෝ එක බැලුවාම. How to use Spot Healing Brush Tool


Healing Brush Tool (J)

Healing Brush Tool එක Spot Healing Brush Tool  එකට වඩා පොඩ්ඩක් වෙනස්. මේ Tool එකෙනුත් අපි කරන්නේ Photo වල තියෙන පොඩි පොඩි Patches  අයින් කරගන්න එහෙමත් නැත්නම් පොඩි පොඩි Spot අයින් කර ගන්න එක. ඒත් මෙතනදි අපි මුලින්ම මෙයාට අපිට අවශ්‍ය Spot එකක් තෝරලා දෙන්න ඕන. ඒ කියන්නේ Alt Key එක Press කරලා අපේ Image එකේ Spots නැති හොඳ තැනක්ක Select කරලා දෙන්න ඕන. මේ Tool එක පාවිච්චි කරනකොට එයාලට මේක තවත් පැහැදිලි වෙයි.


Patch Tool (J)

Patch Tool එක අපි පාවිච්චි කරන්නේත් අපි කලින් කතා කරපු වැඩේටම තමයි. හැබැයි patch Tool එකේදි අපිට අනිත් Tool දෙකේදි වගේ නිකං Click කරන්න විතරක් බෑ. Patch Tool එකේදි කරන්න ඕන අපිට අයින් කරන්න ඕන Spot එක තියෙන Area එක Select කරලා Photo එකේ හොද පැහැදිලි තැනකට Drag කරලා ගිහින් දාන්න ඕන. මේ Tool එක පාවිච්චි කරන විදිය පැහැදිලිව දැනගන්න How to use Patch Tool in Photoshop මේ වීඩියෝ එක බැලුවාම


Content-Aware Move Tool (J)

Content-Aware Move Tool එක පොඩ්ඩක් වෙනස්. අපිට මේ Tool එකෙන් කරන්න පුළුවන් වෙන්නේ එක තැනක තියෙන Content එකක් තවත් තැනකට ගෙනියන එක විතරයි. හැබැයි හොඳට මතක තියාගන්න මෙතනදි වෙන්නේ Copy එකක් Add වෙන එක නෙමෙයි. මේ Video එක බලන්න එතකොට මේ ගැන තව ටිකක් පැහැදිලි වෙයි. how to use Content-Aware Move Tool in Photoshop


Red Eye Tool (J)

ඔයාලා දැකලා ඇති අපේ සමහර Photos  වල තියෙනවා ඇස් වල පොඩි රතු පාට රවුම් බෝලයක් වගේ Shadow එකක් වැටිලා තියෙනවා. අපිට photoshop වල මේකට වෙනම Tool  එකක් දීලා තියෙනවා. අපිට කරන්න තියෙන්නේ අපේ Photo එකේ තියෙන Red Eye එක තියෙන තැන පොඩියට මේ Tool එකෙන් රවුමක් අඳින එක විතරයි. How to use Red Eye Tool in Photoshop


මෙම පාඩමේදී Editing Tools ගැන හොද අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. මෙහිදී ඔබට යම් කිසි ගැටළුවක් පැණ නගින්නේ නම් පහත Comment තීරුව තුල ඔබගේ ප්‍රශ්ණය යොමු කරන්න එම සියළුම ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නම්. 

මේ වගේ තවත් වැදගත් ගොඩක් දේවල් ගැන දැන ගන්න Digital Iskoole එක්ක දිගටම එකතු වෙලා ඉන්න.




PDF File එක Download කර ගන්න මේ Link එක

1600+ FREE FONT PACK

  ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි කොහොමද FONTS හොයා ගන්නේ කියන එක. පසුගිය දිනවල සමූහයන් කිහිපයකම මේ ප්‍රශ්ණය දැකගන්න පුළුවන් උනා. ඒ නිසා ඩිජ...