Thursday, January 14, 2021

Basics Of Graphic Design - Colour Modes

 



මොනාද මේ Colour Modes කියන්නේ

Graphic Design ඉගෙන ගන්න කෙනෙක් විදියට Colour Modes ගැන තියෙන දැණුම ඉතාම වැදගත්. අපිට මෙතනදි විවිධ වර්ගයේ Colour Modes කිහිපයක් දැකගන්න පුළුවන්. හරි අපි මේ Colour Modes ගැන වෙන් වෙන් වශයෙන් කතා කරමු. මෙතනදි අපි මේ විවිධ Colour Modes පාවිච්චි කරන්න ඕන මොන මොන අවස්ථා වලදිද කියන එක ගැන විස්තරාත්මකව කතා කරමු.

මෙතනදි අපි ප්‍රධාන වශයෙන් කතා කරන Colour Modes ටිකක් තියනවා

        1.   RGB mode (millions of colors)

        2.   CMYK mode (four-printed colors)

        3.   Index mode (256 colors)

        4.   Grayscale mode (256 grays)

        5.   Bitmap mode (2 colors)


 01.   RGB COLOUR MODE

අපි මුලින්ම කතා කරන්න යන්නේ RGB Colour Mode එක ගැන. ඇත්තටම RGB Colour Mode එක කියන්නේ ප්‍රධාන වශයෙන් පාට 3කින් හැදෙන Color Mode එකක්. රතු, කොළ, නිල් (RED, GREEN, BLUE) කියන පාට 3 තමයි මෙතනදි කියන්නේ. RGB Colour වල එක පාටක අගය 0 සිට 255 දක්වා විහිදෙනවා. ඒ කියන්නේ Red එක අගයන් 0 සිට 255 දක්වාත්, Green එක අගයන් 0 සිට 255 දක්වාත්, Blue එක අගයන් 0 සිට 255 දක්වාත් ලෙයසි. ඒ කියන්නේ 255x255x255 ලෙස වර්ණ මිලියන ගානක් හදා ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් අපැහැදිලි වගේ නම් මම මේ පහත තියෙන රූපය බලන්න. RGB Colors තුනේ පාට වල අගයන් එකිනෙකට වෙනස් කරලා හරි එක සමානව හරි යොදාගෙන විවිධ වර්ග මිලියන ගානක් හදා ගන්න පුළුවන්. මෙතන පහත රූපයේ තියෙන්නේ පාට කිහිපයක අගයන් පමණයි.


මෙතනදි මම ඔයාලට පැහැදිලි කරන්න හැදුවේ RGB Colour Mode එකේදි Colours හැදෙන විදිහ ගැන. මීට අමතරව RGB Mode එකේදි අපිට සුදු පැහැය ලබා ගන්න ඕන නම් Colours තුනේම අගය 255 ලෙස (R-255, G-255, B-255) යොදා ගන්න පුළුවන් ඒ වගේම කළු පැහැය ලබා ගන්න ඕන නම් Colours තුනේම අගය 0 ලෙස (R-0, G-0, B-0)  යොදා ගන්න ඕන. අපි පාවිච්චි කරන මොනිටර් වලදිත් භාවිතා කරන්නේ RGB කියන Colour Mode එක තමා. අපි RGB Colour Mode එක පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට Web Design වලට සහ Photo Printing  ඒ කියන්නේ Studio වලදි.


02.   CMYK COLOUR MODE

ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට CMYK Colour Mode එක ගැන දැන ගන්න එක ඉතාම වැදගත්. ඇයි මම එහෙම කියන්නේ කියන එක පැහැදිලි කරන්නම්. ගොඩක් වෙලාවට ලංකාවෙ ග්‍රැෆික් ඩිසයිනර්ලා කරන්නේ Printing OutPut  එකක් එන Design (හැබැයි හැමදෙනාම නෙමෙයි) ඒ කියන්නේ Flex Print, letter Head, Brochures, Flyers, Hand Bill වගේ දේවල්. ඇත්තටම Offset Printing වලදි ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ මේ CMYK කියන Colour Mode එක තමා.

මොකද්ද මේ CMYK Colour Mode එක.

CMYK කියන්නේ ප්‍රධාන පාට වර්ග 4ක එකතුවක් ඒ කියන්නේ Cyan, Magenta, Yellow, Black  කියන පාට හතර. Cyan කියන්නේ ලා නිල් පාටක්, Magenta කියන්නේ රෝස පාට වගේ පාටකට, Yellow කියන එක ඔයාලා කොහොමත් දන්නවා කහ පාට කියලා, Black කියන්නේ කළු පාට. එත් Offset printing වලදි මේකට කියන්නේ Key Color එක කියලා. ගොඩාක් වෙලාවට Offset Printing සහ Digital Printing වලදි යොදා ගන්නේ CMYK කියන Color Mode එක. (සැ.යු. ඒත් දැන් තියන Digital Printing Machine වලත්RGB Color Profile එක තියන නිසා Digital Printing එහෙමත් නැත්නම් Flex Printing වලටත් RGB Color Mode එක පාවිච්චි කලාට ගැටළුවක් නෑ.)

CMYK Colour Mode එකේදි මේ එක එක පාටට අදාලව 0 සිට 100 දක්වා පරාසයක් (range එකක්) තියනවා. ඉතින් අපිට මේ අගයන් 0 සිට 100 දක්වා එකිනෙකට වෙනස් අගයන් හෝ එකිනෙකට සමාන අගයන් යොදාගෙන පාට හදා ගන්න පුළුවන්. මේක තවදුරටත් සරළ කර ගන්න පහත රූප සටහන බලන්න.


මෙතනදි ඔයාලට පැහැදිලි ඇති CMYK අගයන් එකිනෙකට වෙනස් විදියට යොදාගෙන තියෙනවා. Offset Printing වලදි Pre Press අංශයෙන් Plate (මුද්‍රණ තහඩු) Out කරනකොට Colour Separation කරනවා කියලා සමහර විට ඔයාලා අහලා ඇති. Colour Separation වලදි කරන්නේ මේ CMYK Colours හතර වෙන වෙනම Plate වලට Out කරල ඒවා යොදාගෙන Print කරන එක. මම මේ ගැන සවිස්තරාත්මකව කියලා දෙන්නම් Printing Process පාඩම කරද්දි. 

ඒ වගේම තමයි CMYK වලදි අපිට සුදු පාට ගන්න ඕන නම් මේ පාට හතරෙම අගයන් 0 ලෙස යොදා ගන්න ඕන ඒ කියන්නේ C-0, M-0, Y-0, K-0 විදියට. ඒ වගේම කළු පාට යොදා ගන්න ඕන නම් මේ පාට හතරෙම අගයන් 100 ලෙස යොදා ගන්න ඕන ඒ කියන්නේ C-100, M-100, Y-100, K-100  විදියට. RGB Colour Mode එකේදි මේකේ සම්පූර්ණම ප්‍රතිවිරුද්ධ දේ තමයි අපි කලේ.



03.   INDEX COLOUR MODE

Index Colour Mode එක ගැන කියනකොට මේ දේ ගැන හොදින් මතක තියාගන්න.Index වලදි භාවිතා කරන්න පුළුවන් 8-bit Colour Mode එකක් විතරයි. ඒ වගේම Index Colour Mode එකේදි භාවිතා වෙන්නේ Colour Range  එක 256ක් විතරයි. සාමාන්‍යයෙන් CMYK Image එකක් Index වලට Convert කරන්න දෙන්නේ නෑ.Index Mode එකට Convert කරන්න නම් ඒ අදාල Image එක RGB Colour Mode එකේ තියෙන්න ඕන.

Index Mode එකට Image එකක් Convert කරන කොට අදාල රූපයේ තියෙන සියළුම පාට වර්ග Convert කර ගැනීමේ හැකියාවක් නෑ. ඒ වෙනුවට එයා කරන්නේ එයාගෙ Colour Range එකේ තියන ඒ හා සමාන පාටකට Original Image එක Convert කර ගන්න එක.Index Mode එකේ තියෙන File එකක් සාමාන්‍යයෙන් බරින් අඩුයි, මොකද Index එකේ තියෙන්නේ Colours 256ක Range එකක් විතරක් නිසා. මම මේ පහත පෙන්වලා තියෙන Image  එක RGB Mode එකෙන්එIndex Mode එකට Convert කරපු එකක්. බලන්න ඒ Image දෙක අතර වෙනස.


මෙතනදි ඔයාලට පැහැදිලි ඇති RGB Image එකේ තියෙන Colours 100%  ක්ම Index Mode එකට Convert වෙලා නෑ. Index Colour Pallet එකේ තියෙන ඒ හා ආසන්න පාටවල් වලට තමා Image එක Convert වෙන්නේ. බලන්න RGB Image එකේ තියෙන Smooth පෙනුම Index Image එකේ නෑ.


04.   GRAYSCALE COLOUR MODE

Grayscale Colour mode එක කියන්නේ කළු පාටත් සුදු පාටත් අතර විහිදෙන වර්ණ පරාසයකට. මෙහි වර්ණ වල අගය 0 සිට 255 දක්වා විහිදෙනවා. 0 අගය කළු පැහැය දක්වාත් 255 අගය සුදු පැහැය දක්වාත් විහිදෙනවා. සරළවම කියනව නම් Grayscale Colour Mode එක කියන්නේ සුදු, අළු සහ කළු අතර වර්ණ සංයෝජනයකට. 


05.   BITMAP COLOUR MODE

Bitmap Colour Mode එක කියන්නේ කළු හෝ සුදු වර්ණ දෙක පමණක් උපයෝගී කරගෙන නිමවී තිබෙන Image එකකට. මෙහිදී Grayscale Colour Mode එකේ මෙන් අළු පැහැයක් උපයෝගී කර ගන්නේ නෑ. ඒ කියන්නේ කළු හා සුදු අතර වර්ණ පරාසයක් නෑ. Bitmap Colour Mode එකේ තිබෙන්නේ කළු හෝ සුදු පමණයි.


මෙම පාඩමේදී Colour Modes ගැන හොද අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. මෙහිදී ඔබට යම් කිසි ගැටළුවක් පැණ නගින්නේ නම් පහත Comment තීරුව තුල ඔබගේ ප්‍රශ්ණය යොමු කරන්න එම සියළුම ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නම්. 

මේ වගේ තවත් වැදගත් ගොඩක් දේවල් ගැන දැන ගන්න Digital Iskoole එක්ක දිගටම එකතු වෙලා ඉන්න.




PDF File එක Download කර ගන්න මේ Link එක

Basics Of Graphic Design - Colour Modes

Click කරන්න

No comments:

Post a Comment

1600+ FREE FONT PACK

  ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි කොහොමද FONTS හොයා ගන්නේ කියන එක. පසුගිය දිනවල සමූහයන් කිහිපයකම මේ ප්‍රශ්ණය දැකගන්න පුළුවන් උනා. ඒ නිසා ඩිජ...