මොකද්ද මේ Resolution එක කියන්නේ
සාමාන්‍යයෙන් Photo එකක හෝ Image එකක Quality එක අපි මනින්නේ Resolution එකෙන්. Photo එකක හෝ Image එකක තියන Resolution ප්‍රමාණය වැඩියි නම් ඒ කියන්නේ ඒකේ Quality එක වැඩියි කියන එක. සාමාන්‍යයෙන් Image එකක හෝ Photo එකකQuality එක වැඩි වෙනවා කියන්නේ ඒ Image එක හෝ Photo එක බරිනුත් වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ File Size එක වැඩි වෙනවා.
අපි සාමාන්‍ය Resolution එකක් යටතේ Image එකක්ක Save කරනකොට අවශ්‍යවෙන ඉඩ ප්‍රමාණයට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක්, අපි වැඩි Resolution එකක් තියන Image එකක් Save කරද්දි ඕන වෙනවා. ඒ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් Image එකක Quality එක මනින එක ප්‍රධාන සාධකයක් තමයි Resolution එක කියලා.
අපි Resolution එක මනින ප්‍රධාන මිනුම් කිහිපයක් තියනවා
- ppi - Pixel per inch
- lpi - Lines per inch
- dpi - Dots per inch
- spi - Samples per inch
මේ අතරින් අපි ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන එකක් තමා ppi කියන්නේ. ඒ කියන්නේ pixel per inch කියන එක (1’x1’ කොටුවක් ඇතුලේ තියන Pixel ප්‍රමාණය.) එතකොට මොකද්ද Pixel එකක් කියන්නේ...?
හරි අපි ඒ ගැන දැනගෙන ඉමු.
Pixel එකක් කියන්නේ මොකද්ද කියන එක මම ගොඩාක් ගැඹුරින් නැතිව සරළව පැහැදිලි කරන්නම්. අපි භාවිතා කරන Image එකක් හෝ Photo එකක් හැදිලා තියෙන්නේ කුඩා කුඩා වර්ණ කොටස් විශාල ප්‍රමාණයක් එකතු වෙලා. අපි Image එකක් හරි Photo එකක් හරි Zoom කරල බැලුවොත් අපිට මේක දැක ගන්න පුළුවන්.
මේ පහලින් තියෙන්නෙ Resolution 72ක් දාපු Image එකේ විශාලනය (Zoom) කරපු Image එකක්. මෙතනදි හොදින් බලන්න මේ Image එකේ Pixels හොදින් පැහැදිලිව පේන්න තියනවා.
හොදයි ඊළගට අපි බලමු Resolution 300ක් දාපු Image එකේ විශාලනය (Zoom) කරපු Image එක. මේ පහලින් තියෙන්නේ මම Resolution එක 300ක් දාපු Image එක බලන්න ඒ Image එකේ Pixels අර තරම් පැහැදිලිව පේන්නේ නෑ නේද...?
ඔයාලට දැන් පැහැදිලි ඇති නේද Image එකක Resolution එක අඩු වෙනකොටයි වැඩි වෙනකොටයි තියන වෙනස. Image එකක Resolution එක වැඩි වෙන්න වැඩි වෙන්න ඒ image එකේ Quality එක වැඩි වෙනවා හැබැයි Image එකේ File Size එකත් ඒ හා සමානව වැඩි වෙනවා.
මෙතනදි මම කලේ Resolution එක පිළිබදව සරල පැහැදිලි කිරීමක් විතරයි. Pixel ඒ වගේම Resolution එක ගැන මීට වඩා ගැඹුරින් කතා කරනවා Image Processing වගේ Subject වලදී.
මේ වගේ තවත් වැදගත් ගොඩක් දේවල් ගැන දැන ගන්න Digital Iskoole එක්ක දිගටම එකතු වෙලා ඉන්න.
ග්‍රැෆික් ඩිසයින්, සරළව තේරෙන සිංහලෙන්......
PDF File එක Download කර ගන්න මේ Link එක
Basics Of Graphic Design - What is Resolution
Click කරන්න
Thanks.Me widiyata graphic design wala basic concept tika denna puluwannam godak hondai
ReplyDelete