02. පරිගණක චිත්‍ර ශිල්පයේ මූලික මෘදුකාංග
(BASIC SOFTWARES OF GRAPHIC DESIGN)
අපි මෙහිදී කතා කරන්නේ පරිගණක චිත්‍ර ශිල්පයේදී භාවිතා කරන මූලිකම මෘදුකාංග පිළිබඳවයි. ඒවා පහත දැක්වෙන පරිදි හඳුනාගන්න පුළුවන්.
- ඇඩෝබි ෆොටෝ ෂොප් (Adobe Photoshop)
- ඇඩෝබි ඉලස්ට්‍රෙිටර් (Abode Illustrator)
- කොරල් ඩ්‍රෝ (CorelDraw)
- ඇඩෝබි ඉන්ඩිසයින් (Adobe InDesign)
- ක්වාක් එක්ස්ප්‍රස් (Quark Xpress)
මොකද්ද මේAdobe Creative Suite (CS) කියන්නේ....?
ඇත්තටම ඇඩෝබි කියන්නේ වෙළඳ නාමයක්. ඇඩෝබි සමාගම විසින් නිපදවන ලද මෙම මෘදුකාංග එකතුව ලෝකයේ විශාල වෙනසක් කල මෘදුකාංග එකතුවක් කිව්වොත් වඩා නිවැරදි. මෙහිදී ග්‍රැෆික් නිර්මානකරණය, වීඩියෝ සංස්කරණය, වෙබ් පිටු සංස්කරණය වැනි දෑ සඳහා ඉමහත් පිටුවහලක් වන මෘදුකාංග පෙළක් හඳුන්වා දී තිබෙනවා. පහත දක්වා ඇති විදිහට ඇඩෝබි ආයතනය විසින් නිකුත් කරන ලද Photoshop මෘදුකාංගයේ එදා සිට අද දක්වා සිදුවූ වෙනස් කම් සහ මෘදුකාංග පෙළට අළුතින් එක්වූ විශේෂාංග දක්වන්න පුළුවන්.
Version |
Platform |
Codename |
Release date |
Notes and
significant changes |
0.07 |
Macintosh |
Bond |
January 1988 (not publicly released) |
|
Version - 0.63 0.87 1.0 2.0 2.5 3.0 4.0 5.0 5.5 |
||||
6.0 |
Macintosh, Windows |
Venus in Furs |
September 2000 |
|
7.0 |
Mac OS
'Classic'/Mac OS X, Windows |
Liquid Sky |
March 2002 |
|
7.0.1 |
Mac OS
'Classic'/Mac OS X, Windows |
August 2002 |
|
|
CS (8.0) |
Mac OS X, Windows |
Dark Matter |
October 2003 |
|
|
||||
CS2 (9.0) |
Mac OS X, Windows 2000 / XP |
Space Monkey |
May, 2005 |
|
CS3, CS3 Extended (10.0) |
Universal Mac OS X, Windows XP SP2 or later |
Red Pill |
April 2007 |
|
CS4, CS4 Extended (11.0) |
Universal Mac OS X, Windows |
Stonehenge |
October 15, 2008 |
|
CS5, CS5 Extended (12.0) |
Mac OS X, Windows |
White Rabbit |
April, 2010 |
|
CS5.1, CS5.1 Extended (12.1, 12.0.4) |
Mac OS X, Windows |
White Rabbit |
May , 2011 |
|
CS6 (13.0) |
Mac OS X, Windows |
Superstition |
May, 2012 |
|
ඊට පස්සේ Adobe Creative Suite (CS) කියන එක වෙනුවට Adobe Creative Cloud (CC) කියන එක ආවා.
- ·
Photoshop CC (14.0) was launched on June 18, 2013
- ·
Photoshop CC 2014 (15.0) was released on June 18, 2014
- ·
Photoshop CC 2015 was released on June 15, 2015
- ·
Photoshop CC 2017 was released on November 2, 2016
- ·
Photoshop CC 2018 (version 19) was released on October 18, 2017
- ·
Photoshop CC 2019 was released on October 15, 2018
- · Photoshop 2020 was released on November 4, 2019
ඇඩෝබි ෆොටෝ ෂොප් (Adobe Photoshop)
ඇඩෝබි ෆෝටෝ ෂොප් කියන්නේ ගොඩක් නිර්මාණ කරන්න පුළුවන් මෘදුකාංගයක්. අපි දැන් ඇඩෝබි ෆොටෝ ෂොප් ඉගෙන ගමු. පහතින් දක්වලා තියෙන්නේ ෆෝටෝ ෂොප් වල මුහුණතයි (Interface). ෆෝටෝ ෂොප් මුහුණත (Interface) ගැන දල අදහසක් මෙයින් ලබා ගන්න පුළුවන්. ෆෝටෝ ෂොප් සරළව මුල ඉදලා ඒ කියන්නේ බිංදුවේ ඉදලම අපි කතා කරමු.
අපි කොහොමද ෆොටෝ ෂොප් මුලින්ම Open කර ගන්නේ කියලා බලමු. මේකට විවිධ ක්‍රම තියනවා
01. අපිට පුළුවන් අපේ Desktop එකේ තියන ෆොටෝ ෂොප් Icon එක එහෙමත් නැත්නම්එ Shortcut එක Double Click කරල ෆොටෝ ෂොප් Open කරගන්න.
02. Windows වල තියන Search Bar එකේ Photoshop කියලා ටයිප් කරල ෆොටෝ ෂොප් Open කරගන්නත් පුළුවන්.
03. අපේ Windows වල තියන Apps වලට ගිහිල්ලා ෆොටෝ ෂොප් Open කරගන්නත් පුළුවන්.
මේ මොන ක්‍රමයකට ගිහින් ෆොටෝ ෂොප් ධචැබ කරගත්තට ගැටළුවක් නෑ. ෆොටෝ ෂොප් මුලින්ම Open කලාම අපිට මේ වගේ Screen එකක් තමා එන්නේ.
මේකට අපි සාමාන්‍යයෙන් කියනවා Welcome Screen එක කියලා. මම දැනට පාවිච්චි කරන්නේ Photoshop CC 2017. ෆෝටෝ ෂොප් Version එකෙන් Version එකට මේ Welcome Screen එක වෙනස් වෙනවා.
මේ පහතින් දක්වලා තියෙන්නේ Adobe Photoshop වල මුල් කාලයේ තිබුන Welcome Screen කිහිපයක්. මේක ඔයාලගේ දැණුම් පොතට එක කර ගන්න.
මේ දෙන්නා ඉතාම වැදගත් දෙන්නෙක්ව Adobe Photoshop ල පියවරුන් කිව්වොත් ඉතාම නිවැරදි.
වම් පැත්තේ ඉන්නේ Jhon Knoll එතකොට දකුණු පැත්තේ ඉන්නේ Thomas Knoll
ෆෝටෝ ෂොප් එක Open උනාම අපිට මුලින්ම දැක ගන්න පුළුවන් මේ විදිහේ Screen එකක්. මගේ දැනට Open කරපු Recent Files තියෙන නිසා තමා මේ විදියට පෙන්නන්නේ. ඔයාලා මුලින්ම ෆෝටෝ ෂොප් Open කරද්දි මේ Screen එක මීට වඩා පොඩි වෙනසක් තියෙන්න පුළුවන්.
මෙතනදි අපිට New කියන Tab එක Click කරලා අපිට අවශ්‍ය New Document Size එකක් හදා ගන්න පුළුවන්. ඔයාලට දැන් මෙන්න මේ විදිහේ Screen එකක් එයි.
අපි දැන් මෙතන තියන දේවල් ගැන වෙන වෙනම කතා කරමු. සාමාන්‍යයෙන් අපිට ෆෝටෝ ෂොප් වලදි එයාලා පෙර සූදානම් කරන ලද (Default) Size අපිට දෙනවා. මේකෙන් Recent කියන මෙනුවට ගියාම අපි කලින් වැඩ කරපු Document වල Size නැවත ලබා ගැනීමේ හැකියාව තියනවා. ඒ වගේම Saved කියන මෙනුවෙන් අපි කලින්ක Save කරපු Document Size එකක් Open කර ගැනීමේ හැකියාව අපිට තියනවා. මේ අවස්ථා දෙකම දැනට ඔයාලට නැති නිසා, මේකෙ Photo කියන මෙනුව ගැන අපි කතා කරමු.
ඔයාලගෙ ෆොටෝ ෂොප් වල මේ Photo කියන මෙනු එකට ගියාම ඔයාලට ජාත්‍යාන්තර වශයෙන් පිලිගත්ත Photo Size වල Preset ටිකක් මෙතනදි දකින්න පුළුවන් වෙයි. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන 3R, 4R, 8R වගේ Photo Size මෙතනදි දැකගන්න පුළුවන්.
අපි කොහොමද මෙතන නැති Size එකකට අපේ Document එක හදා ගන්නේ...?
ඔව් ඒක ලොකු ගැටළුවක් නෙමෙයි. මෙතනදි අපිට අවශ්‍ය විදියට Custom Size එකකට අපේ Document එක හදා ගන්න පුළුවන් ඒ ගැන මම ඉදිරියේදී කතා කරන්නම්. ඊලඟට අපි Print කියන මෙනු එක ගැන බලමු.
ඔයාලගේ Print කියන මෙනු එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ජාත්‍යාන්තර වශයෙන් පිළිගත්ත Paper Size ටිකක්. අපි හැමෝම දන්න A4, Letter වගේ කොල වල Size අපිට මෙතනදි හදා ගන්න පුළුවන්. ෆෝටෝ ෂොප් එක අළුත් වෙන්න අළුත් වෙන්න මෙයාලා අපිට දෙන එක එක Features වැඩි කරල තියනවා. ඒ වගේ අළුත් වෙන Technology එකත් එක්ක Adobe එකෙන් එයාලගෙ Software Update කරල තියනවා. මෙතනදි අපිට දැක ගන්න පුළුවන්කි Art & Illustration, Web, Mobile, Film & Video කියලා තව Tab 4ක් අපිට දීලා තියනවා.
Art & Illustration එක යටතේ අපිට දැක ගන්න පුළුවන් Default Poster Size, Postcard Size වගේ දේවල්. ඇත්තටම අපි කරන්න යන Artwork එක ගැන දල අදහසක් අපේ ඔළුවෙ තියා ගන්න ඕන. එහෙමත් නැත්නම් පොඩි Sketch එකක් (ආකෘතියක්) අපි හදා ගන්න ඕන. Design එකක් කරද්දි Sketch එකක් කර ගන්නේ කොහොමද කියන එක මම ඉස්සරහට කියලා දෙන්නම්. අපි Design කරන්නේ Web එකකට නම් මෙයාලා අපිට පොදුවේ Web Design වලට ගන්න Preset ටිකක් Web කියන Tab එක යටතේ දීලා තියනවා. මෙතනදි මේ තියන Preset අපි සාමාන්‍යන් භාවිතා කරන Machine වල Resolution එක අනුව වෙන් වෙන් වශයෙන් දීලා තියනවා.
Mobile කියන Tab එකෙන් ගියාම අපිට දැක ගන්න පුළුවන් අපි පාවිච්චි කරන Mobile Device වලට අදාල වන Preset ටිකක්. ඊළගට Film & Video කියන Tab එකෙන් අපිට බලා ගන්න පුළුවන් Video Editing වලදි ගන්න Screen Size වල Preset ටිකක්. මේවා අපි පොදුවේ පාවිච්චි කරන Screen Preset ඒ වගේම ෆොටෝ ෂොප් වලින් Video Editing කර ගන්නත් පුළුවන්. අපිට Adobe Premier වගේ Video Editing Software එකක් නැති උනත් ෆොටෝ ෂොප් වලින් Video එකක් Out කර ගන්න පුළුවන් ලේසියෙන්ම. ඒ පහසුකම මෙයාලා හදලා දීලා තියෙනවා.
හරි අපි දැන් මේකෙ ඉතිරි ටික ගැන කතා කරමු.
මම ඊළඟට කතා කරන්න යන්නේ මෙතන රතු පාටින් Highlight කරලා තියන කොටස ගැන. මේ ටික හරි වැදගත්. මෙතන Preset Details කියන එක යටතේ තියනවා Untitled - 1 කියලා කොටසක්. එතනින් අපිට පුළුවන් අපි ගන්න Document එකට නමක් දෙන්න. මේ Untitled - 1 කියන එක උඩ Click කලාම අපිට එතන Type කරන්න පුළුවන්. ඒක තමා අපේ Document එකේ නම වෙන්නේ. ඒ වගේම තමා අපි මේ නම Type කරන තැනට ඉස්සරහින් තියනවා පුංචි සළකුණක්. ඒක උඩ Click කලාම අපිට පුළුවන් අපි හදාගන්න Preset එක Save කරල තියා ගන්න. මම අර මුලින් කතා කරපු Save කියන Tab එක යටතේ අපි ගන්න Preset එක පෙන්නනවා එතකොට. මේ පහසුකම දීලා තියෙන්නේ අපි ගොඩක් වෙලාවලට එකම Document Size එකක් පාවිච්චි කරනවා නම්, ඒක නැවත නැවත හදා ගන්නේ නැතුව Save කරලා තියාගන්න. ඒක අපි එක දිගට වැඩ කරගෙන යද්දි ලොකු පහසුවක් වෙනවා.
ඊළඟට අපිට තියනවා Width එකයි Height එකයි දෙන්න කොටසක් මෙතන Width එක කියන්නේ අපි හදා ගන්න Document එකේ පළලට ඒ වගේම Height එක කියන්නේ අපි හදා ගන්න යන Document එකේ උසට. මෙතනදි අපි Custom Size එකක් එහෙමත් නැත්නම් මෙතන දීලා තියන Preset වල නැති Size එකක් ගන්න ඕන නම්, අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන Document එකේ උස සහ පළල මෙතනට දීලා Custom Document එකක් හදා ගන්න. ඕන නම් ඒක අපිට Save කරලා තියා ගන්නත් පුළුවන්. ඔතනදි තව වැදගත්ම දෙයක් තියනවා අපි හදාගන්න යන Document එක අපිට අවශ්‍ය වෙන්නේ අඟල් වලින්ද, සෙන්ටිමීටර් වලින්ද එහෙමත් නැත්නම් වෙනත් මිණුම් ඒකකයකින්ද කියන එක අපි ලබා දෙන්න ඕන. මම ඒක පහත රූප සටහනේ පැහැදිලි කරලා තියනවා.
මෙතන මම රතු පාටින්ක Highlight කරලා තියෙන්නේ ඒ කොටස. එතන ඔයාලට පේනවා ඇති පුංචි ඊතලයක් වගේ එකක් පහළට තියනවා. ඒ ඊතලය Click කලාම ඔයාලට Drop Box එකක් ලැබෙයි. එතනින් පුළුවන් අපිට අවශ්‍ය මිණුම් ඒකකය තෝර ගන්න. මේක ගැන හොද කල්පනාවෙන් ඉන්න. මොකද අපිට අවශ්‍ය Document Size එක අඟල් වලින් දීලා මෙතන මිණුම් ඒකකය හරියටම Inches කියන එක Select කලේ නැත්නම් ලොකු අවුලක් වෙනවා.
හරි, ඒ කොටසේ කිසිම ගැටළුවක් නැතුව ඇති කියලා හිතනවා. ඊළඟට අපි බලමු Orientation කියන එක. Orientation කියන්නේ අපිට අපේ Document එක අවශ්‍ය පැත්ත. ඒ කියන්නේ උස් අතටද එහෙමත් නැත්නම් හරස් අතටද කියන එක. මෙයාලා අපිට මේක තවත් ලේසි වෙන්න පොඩි රූප සටහනක් යොදලාම දීලා තියෙනවා. ඔයාලා හොදට බලන්න අපි මේ Orientation එක වෙනස් කරද්දි අපි Width එකටයි Height එකටයි දුන්න Size දෙක වෙනස් වෙනවා.
මම ඔයාලට කලින් කිව්වා ෆොටෝ ෂොප් Version එක අළුත් වෙනකොට එයාලා මේකෙ Features අළුත් කලා. අන්න ඒ වගේ දෙයක් තමා මෙතන ඊළඟට අපි කතා කරන්නේ. මෙතන තියනවා Artboards කියලා පුංචි කොටුවක්. අපිට ඒක පොඩි Tic එකක් (හරි ලකුණක්) දාන්න තියෙන්නේ. මෙතනදි ඔයා මේක Select කරල එහෙමත් නැත්නම් Tic කරලා තිබ්බොත් අපි ගන්න Document එකේ Artboards වෙන් වෙන් වශයෙන් ගන්න පුළුවන්. (ඉදිරියේදී මේ ගැන තවත් පැහැදිලි කරන්නම්) මේ පහසුකම කලින් තිබුනේ Adobe Illustrator වල ඒත් දැන් මෙයාලා මේක Photoshop වලටත් දීලා තියෙනවා. Artboards වලින් මොකද්ද කරන්න පුළුවන් කියන එක ඉදිරියේදී ඔයාලට වඩාත් පැහැදිලි වෙයි.
ඊළඟට අපිට තියෙන වැදගත්ම කොටස තමයි Resolution එක. මෙතනදි අපිට පුළුවන් අපි හදාගන්න යන Document එකට අවශ්‍ය Resolution එක දෙන්න. සාමාන්‍යයෙන් අපි Graphic Design වලදි අපි කරන්න යන Design එකේ Output එක අනුව Resolution එක එකිනෙකට වෙනස් වෙනවා. ඔයා මුල ඉදන්ම Photoshop ඉගෙන ගන්න කෙනෙක් නම් Resolution එක ගැන මම කරපු පාඩමක් තියනවා ඒක පොඩ්ඩක් අධ්‍යනය කරන්න. මේ පහළ තියෙන Link එකෙන් ඔයාලට Resolution එක ගැන සරළව මුල ඉදලාම දැන ගන්න පුළුවන්.
Basics of Graphic Design - What is Resolution
අපි Resolution එක දෙනකොට අපි තෝරන්න ඕන අපේ Resolution එක Pixel/Inch ද නැත්නම් Pixel/Centimeter ද කියන එක. මෙතනදි අපි සාමාන්‍යයෙන් තෝරන්න ඕන Pixel/Inch කියන එක. පහත රූප සටහනේ මම ඒක පැහැදිලිව දාලා තියෙනවා.
ඊළඟට අපි කතා කරමු Color Mode එක ගැන.
මෙතනදී ඔයාලට Color Modes කිහිපයක් තෝර ගන්න අවස්ථාව තියනවා. මේ පාඩම් මාලාවෙදී මම කතා කරන්නේ RGB සහ CMYK කියන Color Mode දෙක ගැන විතරයි. Color Modes ගැන විස්තරාත්මකව දැන ගන්න අවශ්‍ය නම් මේ ලින්ක් එකේ තියන Color Mode පාඩම අධ්‍යනය කරන්න.
Basics Of Graphic Design - Colour Modes
RGB Colour – ඇත්තටම RGB Colour Mode එක කියන්නේ ප්‍රධාන වශයෙන් පාට 3කින් හැදෙන Colour Mode එකක්. රතු, කොළ, නිල් (RED, GREEN, BLUE) කියන පාට 3 තමයි මෙතනදි කියන්නේ. සාමාන්‍යයෙන් RGB Colour Mode එක පාවිච්චි කරන්නේ Photo Print වගේ දේවල් වලට. සරළවම කිව්වොත් අපි Studio එකකින් Photo Print එකක් ගන්නවා නම් අපි ඒකට යොදා ගන්නේ RGB කියන Colour Mode එක.
එතකොට CMYK කියන්නේ ප්‍රධාන පාට වර්ග 4ක එකතුවක් ඒ කියන්නේ CYAN, MAGENTA, YELLOW, BLACK කියන පාට 4. CYAN කියන්නේ ලා නිල් පාටක්, MAGENTA කියන්නේ රෝස පාට වගේ පාටකට, YELLOW කියන එක ඔයාලා කොහොමත් දන්නවා කහ පාට කියලා, BLACK කියන්නේ කළු පාට. එත් Offset Printing වලදි මේකට කියන්නේ Key Colour එක කියලා. ගොඩාක් වෙලාවට Offset Printing සහ Digital Printing වලදි යොදා ගන්නේ CMYK කියන Colour Mode එක. ඒත් දැන් තියන Digital printing Machine වලත් RGB Colour Profile එක තියන නිසා Digital Printing එහෙමත් නැත්නම් Flex Printing වලටත් RGB Colour Mode එක පාවිච්චි කලාට ගැටළුවක් නෑ. තවත් වැදගත් දෙයක් තියනවා, අපේ Computer Monitors වල තියෙන්නේ RGB කියන Colour Format එක ඒක නිසා අපි CMYK Colour Profile එකෙන් Design එකක් කරනකොට එකේ පෙන්නන ඇත්තම පාට (True Colours) Final Print එකට එන්නේ නෑ ගොඩක් වෙලාවට. මේ වගේ අවස්ථාවකදි අපිට කරන්න පුළුවන් පොඩි Tricks දෙකක් තියනවා. එකක් අපි Design කරන Print එකේ Sample Print එකක් අරගෙන ඒකට අනුව අපිට අවශ්‍ය විදියට අපේ Design එකේ Colour එක Balance කරන එක. අනිත් එක තමයි අපේ Output එකට ගැලපෙන විදියට අපේ Monitor එක Adjusment කර ගන්න එක. මේ ක්‍රම දෙකම ඉතාම සාර්ථකයි. මගේ පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ. තවත් විශේෂ දෙයක් තියනවා, ඔයාලා පාවිච්චි කරන්නේ Laptop එකක් නම් සාමාන්‍යයෙන් Laptop එකේ පෙන්නන Colours අපි ගන්න Print එකට එන්නේ නෑ. මොකද Laptop එකේ Colours පෙන්නන්නේ ටිකක් Dark එකට. ඒක නිසා ඒ ගැනත් හොදට මතක තියා ගන්න.
අපි Colour Mode එක තෝරන තැනට දකුණු පැත්තෙන් තියනවා අපේ Design එකේ Bit Rate එක තෝරන තැන. එතනදි සාමාන්‍යයෙන් Bit Rates 3ක් විතර පෙන්නනවා. 8bit, 16bit, 32bit කියලා. මෙතනදි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ 8bit කියන එක. 16bit එකයි 32bit එකයි දාගත්තා කියලා ප්‍රශ්ණයක් නෑ. හැබැයි අපි Design එක කරගෙන යනකොට අපේ Machine එක Stuck වෙන්න බලන අවස්ථාව වැඩියි. මොකද 16, 32 කියන Bit Rate වල File Size එක වැඩි නිසා. මේක ගැන මීට වඩා පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් මගේ Bit Rate ගැන කරපු පාඩම බලන්න.
අපි දැනට 8bit එක Select කරමු. ඊළගට අපි කතා කරන්නේ Background Contents කියන Tab එක ගැන. මෙතනදි Default එක විදියට සාමාන්‍යයෙන් පෙන්නන්නේ White එක. අපිට අවශ්‍ය නම් කළු පාට යොදා ගන්නත් පුළුවන් එහෙමත් නැත්නම් අපේ Photoshop වල තියෙන Default Background Colour එක තෝර ගන්නත් පුළුවන්.
අපිට අවශ්‍යය විදියට Custom Colour එකක් දෙන්න බැරිද...?
පුළුවන් ඒකේ කිසිම ගැටළුවක් නෑ. අපි Background Content එක තෝරන තැනට දකුණු පැත්තේ තියනවා පුංචි කොටුවක්. (පහත රූපය බලන්න)
පොඩි ඊතලයකින් පෙන්නලා තියෙන්නේ ඒක. අපිට ඒ කොටුව උඩ Click කරලා අපිට අවශ්‍ය Custom Background Colour එකක් තෝර ගන්න පුළුවන්.
අපි මේ කතා කරපු Settings ටික කරගත්තට පස්සේ Create කියන එක Click කලාම අපිට අවශ්‍ය විදියට New Document එකක් එහෙමත් නැත්නම් Canvas එකක් අපිට Create කරගන්න පුළුවන්. පහල තියෙන්නේ මම ඒ විදියට Open කරගත්ත Canvas එක.
ඔන්න අපි අපිට අවශ්‍ය විදියට New Document එකක් Open කර ගත්තා. අපි ඊළග පාඩමේදී මේ Working Area එක ගැන කතා කරමු.
මෙම පාඩමේදී Introduction to Photoshop ගැන හොද අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. මෙහිදී ඔබට යම් කිසි ගැටළුවක් පැණ නගින්නේ නම් පහත Comment තීරුව තුල ඔබගේ ප්‍රශ්ණය යොමු කරන්න එම සියළුම ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නම්.
මේ වගේ තවත් වැදගත් ගොඩක් දේවල් ගැන දැන ගන්න Digital Iskoole එක්ක දිගටම එකතු වෙලා ඉන්න.
PDF File එක Download කර ගන්න මේ Link එක
Basic Software for Graphic Design - Introduction to Photoshop
Click කරන්න