02. පරිගණක චිත්‍ර ශිල්පයේ මූලික මෘදුකාංග
(BASIC SOFTWARES OF GRAPHIC
DESIGN)
· Introduction
to Photoshop
Tool Palette
අපි මුලින්ම බලමු
Tool Palette එක ගැන.
මෙතනදී මම පෙන්නලා තියෙන්නේ Photoshop CC 2017 Tool Palette එක. Adobe Photoshop Version එක වෙනස් වෙනකොට මේ Tool Palette එකත් වෙනස් වෙනවා. මොකද Version එකෙන් Version එකට එන Features වෙනස් වෙන නිසා. ඒත් අපි හැම Version එකකම පොදුවේ දකින Tools මේ Palette එකෙත් දැක ගන්න පුළුවන්.
ඔයාලට පේනවා ඇති මේ හැම Tool එකකම පොඩි ඊතලයක් (Arrow Head) පේන්න තියෙනවා. ඒ හැමArrow Head එකක්ම Click කරල පොඩ්ඩක් පහලට Drag කලාම ඒ Tool එකට සමගාමීව තියෙන තව Tools කිහිපයක් දැකගන්න අපිට පුළුවන්.
අපි මේ Tools ගැන එකින් එක වෙන වෙනම කතා කරමු.
Move
Tool (V)
Move Tool එක ප්‍රධාන වශයෙන්ම අපි පාවිච්චි කරන්නේ Photoshop Document එකක් ඇතුලේ තියෙන objects, Layers, Images වගේ දේවල Select කරගන්න සහ එහා මෙහා අරගෙන යන්න. ඔයාලට පේනවා ඇති මේ Tool එක ඉස්සරහින් ඉංග්‍රීසි V අකුර දාලා තියෙනවා. ඒක තමා මේ Tool එකේ Shortcut එක. අපි Photoshop එකේ ඉන්නකොට මේ Shortcut Key වලින් අපිට ඕන Tool එක තෝර ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ඕන විදියට මේ Shortcut Key වෙනස් කර ගන්නත් පුළුවන් ඒ ගැන මම ඉදිරියේදී කියලා දෙන්නම්.
ඔයාලා Move Tool එකේ ඉන්නකොට බලන්න ඒකට අදාල විදියට Option Bar එක වෙනස් වෙනවා. මේ Option Bar එක Tool එකෙන් Tool එකට වෙනස් වෙනවා. මෙතනදි මම දැනට Auto-Select කියන එකයිShow Transform Controls කියන එකයි ගැන විතරක් කතා කරන්නම්.
අපි Move Tool එකේ වැඩ කරන කොට මේ Auto Select කියන එකේ Tic එක දාලා තිබ්බොත් අපිට පුළුවන් අපේ Canvas එකේ තියෙන Objects Auto Select කරගන්න. ඒ කියන්නේ අපිට ඕන Object හෝ Image එක උඩ Click කලාම ඒක Select කරගන්න පුළුවන්. අපි මෙතන Tic කරන්නේ නැතුව තිබ්බොත් අපිට අපේ Objects හෝ Image Select කර ගන්න වෙන්නේ එක්කෝ Layer Palate එකෙන් එහෙමත් නැත්නම් අදාල Object හෝ Image එක උඩ Right Click කරලා ලැබෙන Menu එකෙන් අදාල Object එක හෝ Image එක Select කර ගන්න එක. මේක ඔයාලා Practically කරලා බලන්න එතකොට තවත් පැහැදිලි වෙයි.
අපි Show Transform Control කියන එක Tic කරලා තිබ්බොත් අපිට පුළුවන් අපේ Canvas එකේ තියෙන Image එකේ හෝ Object එකේ Transform Control ටික On කර ගන්න. මේ පහල තියෙන Image එක බලන්න ඔයාලට මේ ගැන තවත් පැහැදිලි වෙයි.
මේක ඔයාලා Practically කරලා බලන්න එතකොට තවත් පැහැදිලි වෙයි.
Artboard
Tool (V)
Artboard Tool එක, මේක මම කලින් ඔයාලට පැහැදිලි කලා වගේ Photoshop Version එක වෙනස් වෙනකොට අළුතින් Add වුන Feature එකක්. Photoshop පරණ Version වල මේ Artboard Tool එක තිබ්බේ නෑ. මේ Artboard Tool එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ Photoshop Document එකට තව තවත් අළුත් Artboard එකතු කර ගන්න. Artboard එක කියන්නේ අපේ Design එක කරන White Space එකට) ඉතිං මේ Tool එකෙන් අපිට ලැබෙන වාසිය තමයි අපි Double Side Leaflet එකක් වගේ දෙයක් Design කරනකොට ඒ Design එකට අදාල පැති දෙකම එකම Photoshop Document එකක් ඇතුලේ Design කර ගන්න ලැබෙන පහසුව. ඒ වගේම අපේ Design එක Export කරනකොට අපිට එක පාරම අපේ Artwork එකේ දෙපැත්තම Export කරගන්න පුළුවන්. (මේක ටිකක් විතර අපැහැදිලියි වගේ නම් මම ඉදිරියේදී Release කරන Video Lesson එක බලන්න. ඒකෙදි මම මේ ගැන තවත් පැහැදිලිව කියලා දෙන්නම්.)
Lasso Tool එක අපි ප්‍රධාන වශයෙන්ම ගන්නේ Selection දා ගන්න. ඔයාලට පේනවා ඇති මේ Lasso Tool එකේ Tool වර්ග 3ක් තියෙනවා. අපි ඒ එකින් එක ගැන වෙන වෙනම කතා කරමු.
Lasso
Tool (L)
Lasso Tool එක කියන්නේ Freehand Tool එකක්. එමගින් අපිට පුළුවන් අපිට අවශ්‍ය විදියට නිදහසේ ඕනම හැඩයක් ඇද ගන්න. Lasso Tool එක පාවිච්චි කරන කොට අපි කරන්න ඕන අපිට අවශ්‍ය හැඩය ඇදගන්න ඕන තැනින් පටන් අරන් Mouse එක Click කරගෙන ඒ හැඩය අවසානය දක්වා ඇදගෙන යන එක. හැබැයි අතර මගදි Mouse එක Click කරගෙන ඉන්න එක ඇතෑරියොත් අපි දාන Selection එක complete වෙනවා. ඒක නිසා අපිට අවශ්‍ය හැඩය අවසන් වෙනකම්ම ඇදගෙන ගිහිල්ලා Mouse එක අතාරින්න ඕන. එතකොට අපි හැඩය අදින්න පටන් ගත්ත Point එකටම අපි දාන Selection එක Auto Set වෙනවා. මේක තවත් පැහැදිලි කරගන්න පුළුවන් ඔයාලා මේ Tool එක පාවිච්චි කරල බැලුවොත්.
Selection Tool වලදි තවත් වැදගත් දෙයක් තමයි අපිට පුළුවන් අපි Selection එක දාන කොටසෙ Copy එකක් ගන්න. Photo Shop වල Copy එකක් ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා ඒ දේවල් මම ඉස්සරහට කියලා දෙන්නම්. දැනට අපි Common පාවිච්චි කරන Ctrl+C එකයි Ctrl+V එකයි පාවිච්චි කරමු. ඒ විදියට අපිට අපේ Selection එකේ Copy එකක් ගන්න පුළුවන්. තව අපිට පුළුවන් අපේ Selection එක Transform කර ගන්න ඒ කියන්නේ ලොකු කරන්න, පොඩි කරන්න, අදින්න වගේ දේවල්. ඒකට අපි Selection එක දාගෙන ඉවර වෙලා Edit Menu එකේ Free Transform කියන Tab එකට ගියාම (එහෙමත් නැත්නම් මේකේ Short Cut එක තමයි Ctrl+T)අපිට අපේ Select කර ගත්ත Area එක අවශ්‍ය විදියට Edit කර ගන්න පුළුවන්. මේ ටික Selection Tool හැම එකකටම පොදුයි.
Polygonal
Lasso Tool (L)
Polygonal Lasso Tool එක Lasso Tool එකට වඩා ටිකක් වෙනසක් තියෙනවා. අපි Lasso Tool එකෙන් Freehand විදියට Selection ඇද ගත්තට Polygonal Lasso Tool එකේදි එහෙම වෙන්නේ නෑ. මේ Tool එකේදි අපි අපේ Document එකේ එහෙමත් නැත්නම් Canvas එකේ එක තැනක් Click කරලා Mouse Pointer එක වෙන තැනකට අරන් යනකොට අපේ Selection එක Continue වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඒ විදියට අපිට අවශ්‍ය හැඩය වටේට තැනින් තැන Click කරගෙන ගිහිල්ලා අපිට Selection එක ඉවර කරන්න ඕන තැනදි Double Click කලාම අපි දාන Selection එක Complete වෙනවා.
Magnetic
Lasso Tool (L)
Magnetic Lasso Tool එක අපි කලින් කතා කරපු Tool දෙකටම වඩා ටිකක් වෙනසක් තියෙනවා. අපිට Magnetic Lasso Tool පාවිච්චි කරද්දි ලැබෙන ප්‍රධානම වාසිය තමයි අපේ Image එකේ තියෙන Pixel මේ Tool එකෙන් Auto ම Select කර ගන්න එක. හැබැයි මේකෙන් වඩාත් හොඳම ප්‍රතිඵලය ගන්න පුළුවන් වෙන්නේ තනි පාට Background එකක් තියෙන Image එකක් Select කර ගන්නකොට.
උදාහරණයක් විදියට මේ තියෙන Image එක බලන්න. මේ Image එකේ Background එක තියෙන්නේ සුදු පාටින්. මෙන්න මේ වගේ වෙලාවට අපිට පුළුවන් Magnetic Lasso Tool එකෙන් මේ Image එකේ එක තැනක් Select කරලා හෙමීට මේ Image එක වටේට Selection එක අරගෙන යන්න. එතකොට මේ Image එක ලේසියෙන්ම Select කරගන්න පුළුවන්. මතක ඇතුව මෙතනදිත් අපි Selection එක පටන් ගත්ත තැනටම ඇවිල්ලා තමා ඉවර කරන්න ඕන.
අපි Photoshop වලදි Selection Tool පාවිච්චි කරනකොට මේ දේවල් ටිකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයාලට මතක ඇති මම Photoshop වල Option Bar එක ගැන කියලා දුන්නා. හොදට බලන්න අපි තෝරන Tool එකෙන් Tool එකට මේ Option Bar එක වෙනස් වෙනවා. ඉතිං මේ Selection Tool එක ගත්තාම අපේ Option Bar එක මෙන්න මේ විදියට වෙනස් වෙනවා.
ප්‍රධානම දේ තමයි අපි මේ Lasso Tool එකක් පාවිච්චි කරනකොට මෙතන Feather එකට Pixel දෙකක් (2) කියලා දෙන්න. එතකොට අපේ Selection වල Edge එක ලස්සනට Smooth වෙලා එනවා. ඕන නම් මෙතන Pixel ගාන පොඩ්ඩක් වැඩි කරලත් බලන්න මොකද්ද වෙන වෙනස කියලා.
අනිත් වැදගත් කොටස තමයි මම මේ පහලින් Highlight කරලා තියෙන කොටස.
New
Selection
ඔයාලට පේනවා ඇති මෙතන පොඩි කොටු හතරක් තියෙනවා. මම මේ හතර ගැන වෙන වෙනම කියලා දෙන්නම්. මෙතන මුලින්ම තියෙන්නේ New Selection කියන කොටුව. අපි Selection Tool එක පාවිච්චි කරනකොට මේ කොටුව Select වෙලා තිබ්බොත් අපිට දාන්න පුලුවන් එක වරකට එක Selection එකයි. මම ඒක තව ටිකක් පැහැදිලි කරන්නම්. හිතන්න අපි Image එකක කොටසකට Selection එකක් දාලා ඒ Image එකේම තව කොටසකට Selection එකක් දා ගන්න හැකියාවක් නෑ. අපි එහෙම තවත් තැනක Selection එකක් දාන්න හැදුවොත් අපි මුලින් දාපු Selection එක Deselect වෙලා යනවා.
Add to
Selection
ඊළගට අපි බලමු මේකේ දෙවෙනියට තියෙන කොටුව Add to Selection කියන එක. අපි Selection Tool එක පාවිච්චි කරනකොට මේ කොටුව Select වෙලා තිබ්බොත් අපිට පුළුවන් එකම Image එක ඇතුලෙ Selection කිහිපයක් දා ගන්න. එහෙමත් නැත්නම් දාපු Selection එකකට තව තවත් Selection Add කරන්න අපිට පුළුවන්. අපිට Selection Tool එකේ ඉන්න ගමන් Shift Key එක Press කරගෙන මේ Add to Selection Option එක On කර ගන්න පුළුවන්.
Substract
from Selection
ඊළඟට අපි බලමු මේකේ තියෙන 3වෙනි Subtract From Selection කියන කොටස. මෙතනදි අපිට පුළුවන් අපි දාපු Selection එකකින් කොටසක් අඩු කරන්න. ඒ කියන්නේ හිතන්න අපි Selection එකක් දාගෙන යනකොට වැඩිපුර කොටසක් Select උනා කියලා එතකොට අපිට කරන්න පුළුවන් මේ Option එක On කරලා අපිට අයින් කර ගන්න ඕන Selection කොටස උඩින් ආපහු Selection එක දාගෙන යන්න. ඒ කොටස අහු වෙන විදියට Selection එක දාලා Complete කලාම අපිට අවශ්‍ය කොටස අයින් වෙලා යනවා. අපිට Selection Tool එකේ ඉන්න ගමන් Alt Key එක Press කරගෙන මේ Subtract From Selection Option එක On කර ගන්න පුළුවන්.
Intersect
with Selection
ඊළඟට අපි බලමු Intersect with Selection කියන කොටස ගැන. මෙතනදි වෙන දේ පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ අපි Selection එකක් දාලා ඒ Selection එක අහු වෙන විදියට තව Selection එකක් දැම්මොත් ඒ Selection දෙකටම අහු වෙන කොටස විතරක් ඉතුරු වෙලා අනිත් ටික අයින් වෙලා යනවා. මේ පහල රූප සටහන බලන්න මේ දේ තව ටිකක් පැහැදිලි වෙයි. අපිට Selection Tool එකේ ඉන්න ගමන් Alt Key + Shift Key Press කරගෙන මේ Intersect with Selection Option එක On කර ගන්න පුළුවන්.
Rectangular
Marquee Tool (M)
Rectangular Marquee Tool එකත් වැටෙන්නේ Selection Tool කාණ්ඩයටම තමා. මේ Tool එකේදි අපිට පුළුවන් සමචතුරස්‍ර හැඩයක් හෝ සෘජුකෝණාශ්‍ර හැඩයක් ලැබෙන විදියට Selection එක දා ගන්න. අපිට Lasso Tool භාවිතා කරලා සමචතුරස්‍ර හැඩයක් හෝ සෘජුකෝණාශ්‍ර හැඩයක් ලබා ගන්න අමාරුයි. ඉතිං මේ Tool එකෙන් අපිට පුළුවන් ඒ දේ ලේසියෙන්ම කර ගන්න. ඉතිං මේ Tool එක පාවිච්චි කරනකොටත් Option Bar එකෙන් කර ගන්න පුළුවන් වෙන්නෙත් අපි කලින් කතා කරපු පහසුකම් ටිකම තමා.
Elliptical
Marquee Tool (M)
Elliptical Marquee Tool එකත් වැටෙන්නේ Selection Tool කාණ්ඩයටම තමා. මේ Tool එකේදි අපිට පුළුවන් වෘත්තයක හෝ ඉලිප්සයක හැඩයක් ලැබෙන විදියට Selection එක දා ගන්න. අපිට Lasso Tool භාවිතා කරලා වෘත්තයක හෝ ඉලිප්සයක හැඩයක් ලබා ගන්න අමාරුයි. ඉතිං මේ Tool එකෙන් අපිට පුළුවන් ඒ දේ ලේසියෙන්ම කර ගන්න. ඉතිං මේ Tool එක පාවිච්චි කරනකොටත් Option Bar එකෙන් කර ගන්න පුළුවන් වෙන්නෙත් අපි කලින් කතා කරපු පහසුකම් ටිකම තමා.
Single
Row Marquee Tool
Single Row Marquee Tool එක භාවිතා කරලා අපිට පුළුවන් අපේ Canvas එකේ තිරස් අතට තියන Pixel Line එකක් Select කර ගන්න. හොදින් මතක තියා ගන්න මේ Tool එකෙන් Select වෙන්නේ එක Pixel Line එකයි.
Single
Column Marquee Tool
Single Column Marquee Tool එක භාවිතා කරලා අපිට පුළුවන් අපේ Canvas එකේ සිරස් අතට තියන Pixel Line එකක් Select කර ගන්න. හොදින් මතක තියා ගන්න මේ Tool එකෙන් Select වෙන්නෙත් එක Pixel Line එකයි.
Quick
Selection Tool (W)
Quick Selection Tool එක භාවිතා කරලා අපිට අපේ Image එකක අපිට කැමති එක සමාන පාට තියෙන ඕනම කොටසක් පහසුවෙන්ම Select කර ගන්න පුළුවන්. මෙතනදි අපි කරන්න ඕන එක සමාන පාට තියෙන කොටස උඩ Click කරලා Drag කරගෙන යන එක. එතකොට මේ Tool එකෙන් එක සමාන පාට තියෙන කොටස Edge වලට යනකම් Auto ම Select කර ගන්නවා.
මේ Tool එකේදි Option Bar එක මෙන්න මේ විදියට වෙනස් වෙනවා
මේ Option ටික අපි කලින් කතා කරපු Option වගේම තමා මේ ටික Try කරලා බලන්න. මෙතනSelect and Mask කියන එක ගැන මම ඉස්සරහට කතා කරනවා. ඒක නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා.
Magic
Wand Tool (W)
Magic Wand Tool එක කියන්නේ ඇත්තටම Magic එකක් වගේ තමා. මේ Tool එක භාවිතා කරලා අපිට අපේ Image එකේ එක සමාන Colours ටික එක පාරම Select කර ගන්න පුළුවන්. අපි එක Colour එකක් උඩ Click කලාම Auto ම මුළු Image එකේම තියෙන ඒ Colour එක Edge එකකට යනකම්Select කර ගන්නවා.
මෙතනදි අපේ Option Bar එක මෙන්න මේ විදියට වෙනස් වෙනවා. මේකේ මුල තියෙන Option 4 ගැන දැන් අපිට අමුතුවෙන් දැන ගන්න දෙයක් නෑ. අපි බලමු මේකේ තියෙන Sample Size කියන Option එක ගැන. මෙතන පහලට තියෙන පොඩි ඊතලය උඩ Click කලාම ඔයාලට Drop Down Menu එකක් ලැබෙයි. එතන කියන්නේ අපි මුලින්ම Click කරන තැනදි ගන්න Sample එකේ Size එක ගැන. මම නම් Recommend කරන්නේ Point Sample කියන එක Select කරලා තියා ගන්න එක හොදයි කියලා. මෙතන තියෙන අනිත් Option ටිකත් Select කරලා බලන්න මොකද්ද වෙන්නේ මම ඇයි Point Sample එක Recommend කරන්නේ කියලා.
Tolerance
හරි අපි ඊළගට බලමු මොකද්ද මේ Tolerance එක කියන්නේ කියලා. Tolerance එකේදි වෙන්නේ අපේ Selection එක Select කර ගන්න Colour එකේ Tone එකේ වෙනස කොයි තරම් දුරට Pixel Range එකක තියෙනවද කියන එක. අපිට අපේ Select කර ගන්න Colour එකේ හොදම Pixel Range එක Select කර ගන්න නම් Tolerance එක 32 විතර තියා ගන්න එක තමයි හොඳම. මෙතන තියෙන අගයන් වෙනස් කරලා බලන්න (0-255 වෙනකම් වෙනස් කරන්න පුළුවන්) කොහොමද Tolerance එක වෙනස් වෙන්නේ කියලා.
Anti-alias
Anti-alias එකෙන් වෙන්නේ අපේ Selection එකේදි Corners සහ Edges වල හොද Smooth ගතියක් එන එක. මේ පහළින් තියෙන Image දෙක බලපුවාම ඔයාලට ඒ වෙනස පැහැදිලි වෙයි.
Contiguous
Contiguous එකෙන් වෙන්නේ මොකද්ද කියලා බලමු. අපි තෝර ගන්න Image එකේ එක සමාන පාටවල් තැන් කිහිපයක තියෙනවා නම්, මේ Option එකේ Tic එක දාලා අපි එක Colour එකක් උඩ Click කලොත් අපේ Selection එක වැටෙන්නේ අදාල Colour එක තියෙන කොටසේ Edges වලට යනකම් විතරයි. හැබැයි අපි මේකේ Tic එක නොදා එක Colour එකක් උඩ Click කලොත් අපේ Image එකේ අපි Click කරන Colour එක තියෙන හැම තැනකම Selection එක වැටෙනවා.
Sample
All Layers
Sample All Layers එකෙන් වෙන්නේ අපි Image එකක් නැතුව Photoshop Document එකක වැඩ කරනවා නම් ඒ Photoshop Document එකේ තියෙන Layers ඔක්කොගෙම අපි Select කරන Colour එකට අදාල පාට හැම එකකටම Selection එක වැටෙන එක.
මෙම පාඩමේදී Selection Tools ගැන හොද අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. මෙහිදී ඔබට යම් කිසි ගැටළුවක් පැණ නගින්නේ නම් පහත Comment තීරුව තුල ඔබගේ ප්‍රශ්ණය යොමු කරන්න එම සියළුම ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නම්.
මේ වගේ තවත් වැදගත් ගොඩක් දේවල් ගැන දැන ගන්න Digital Iskoole එක්ක දිගටම එකතු වෙලා ඉන්න.
PDF File එක Download කර ගන්න මේ Link එක